හර්ෂණ තුෂාර සිල්වා
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අද (31) ප්‍රකාශ කළාය.
මානව හිමිකම් අගයන රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පනතක් ගෙන ඒම සඳහා එලෙස ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය කීවාය.
එක් පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝණය වීම වුවද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් මානව හිමිකම්වලට අනුකූල රාජ්‍ය ආරක්ෂක පනතක් ගෙනා යුතු බව ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පෙන්වා දුන්නාය.
මානව හිමිකම්වලට අනුකූලව නීතිරීති සකස් කිරීම ලක්ෂ ගණනකගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් බව කී සභාපතිනිය රාජ්‍ය ආරක්ෂාව සහ ඊට අමතරව තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි ද පැවැසුවාය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උඩගම මහත්මිය එම කරුණු කීය.
එහිදි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙසේ ද කීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක කාලයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත්ව මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝණය වී තිබෙනවා. රාජ්‍ය ආරක්ෂාව නොසලකා හැරිය යුතු බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. එවැනි නීතිරීතී නොතිබිය යුතු යැයි අප කියන්නේ නැහැ. එම නීති මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් සම්පාදනය විය යුතු බව තමයි අපි කියන්නේ.
රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පමණක් නොව අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මරණ දඬුවම, වෛරී ප්‍රකාශ යනාදි මාතෘකා රැසක් සම්බන්ධයෙන් අපි රජයට නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. රජයට මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස් දීම කොමිෂන් සභාවේ එක කාර්යභාරයක්. රටේ නීතිරීති සහ ප්‍රතිපත්ති මානව හිමිකම්වලට අනුකූලව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් දීමද අපේ කාර්යභාරයක්. නීතිරීති හා ප්‍රතිපත්ති මානව හිමිකම්වලට අනුකූලව සකස් කිරීම දසලක්ෂ ගණනකගේ යහපතට හේතුවෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බහුතරයක් ජනතාව ත්‍රස්තවාදී, ක්‍රියා කරමින් ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධවී සිටීම රටම දන්නා කරුණක්. ඒ නිසා කවුරු කෙසේ කීවත්, මේ පනත ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක විය යුතුයි.
ඒ කියන්නේ මානව හිමිකම් කියන්නේ රටක ත්‍රස්තවාදය තිබුනට ප්‍රශ්නයක් නැහැ. ත්‍රස්තවාදීන් හිටියත් කමක් නැහැ. කියන මෝඩ තර්ක වලටනම් මේ මානව හිමිකම් කියාගෙන එන මේ අයට මේ රටේ උවමනා කරලා තියෙන්නේ මොකක්ද කියන එක සක් සුදක් සේ පැහැදිලියි.
මොනවා කලත් හරියන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක නොවෙන රටක.
කියන දේ නොතේරෙන කට්ටිය දැන් රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපතය ගැන අදෝනා නගන හැටි බලා ගන්න පුලුවන්.
ඕගොල්ලෝ NGO සල්ලිවලින් යැපෙන අයයි. මේ රටේ ආරක්ෂාව ගැන කැක්කුම තිබෙන්නේ අපිට, එම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තවත් ශක්තිමත් කරනු මිස ඉවත් නොකළ යුතුය. මෙම පනත ඉවත් කිරීමට යෝජනා කිරීමත් ත්‍රස්තවාදී වැඩකි.
මේකද රටේ දැවෙන ප්‍රශ්නය? මේ පනත නිසා ත්‍රස්තවාදය කොපමණ වැලකීමට හැකිවුනාද ? තවම උතුර නිරායුධ වී නැහැ. නැවත පාර හදන්නේ රට ලේ විලක් කරන්නද ?
ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයකට මානව හිමිකම් ඕන නැහැ ගෝටයි සුදු වැන් සංස්කෘතියයි තමයි එයාල ඉල්ලන්නේ.
මෙම නීති ගැන තීරණය ගන්න ඕනේ ආරක්ෂක දෙපාර්තුමේන්තුව. නීතියේ නෙමෙඉ ගැටලුව තියෙන්නේ එය ක්‍රියාත්මක කරන පුද්ගලයා මත. එය සැමට සාදාරන විය යුතුය්. දේශපාලන බලපෑමකින් තොරව, සිංහල , දෙමල , මුස්ලිම් , පොහොසත් ,දුප්පත්, ආණ්ඩු පත්ෂේ විපක්ෂේ කියල බේදයකින් තොරව ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන දවසට මේ රටේ නියම යහ පාලනය ඇතිවේවි. එතකන් මොන දේ කලත් මෙරට දියුණු වෙන්නේ නැ.
ගම්මන්පිල, වීරවංශ මහත්තයෝ මෙන්න ඩොලර් කාක්කෝ විදේශ බලවේග, මේව අහෝසි කරල කොහොමද අපි රටක් ගත්ත දවසක පාලනය කරන්නේ?
මේ වගේ ඔලමොට්ටල නිවට ද්‍රෝහීන් මේ රටින් තුරන් කල යුතුය.එදා ත්‍රස්තවාදීන්ට උදව් කල වුන් අද වෙනත් විදියකට සැරසෙනවා.ජනතාව මේ පින්ගුත්තරයින්ට නිසි පිළිතුර දිය යුතුය.මොන්ගල්ලා එදා ජිනීවා ගොසින් ඇමෙරිකාව ඉදිරියේ දන ගසා පිළිගත් දේ තමයි මේ කැරකෙන්නේ.
කවුරු කවුරුත් මානව හිමිකම් ගැන කතා කරන මුවාවෙන් කරන්නේ වෙනත් අයගේ අයිතිවසිකම් රකින්න උත්සහ කිරීම පමණයි.
එදා ප්‍රබාකරන් රටේ අහිංසක ජනතාව මරාදානකොට මෙතුමිය හිටියේ කොහෙද දන්නේ නැ නේද. එදා නොතිබුන මානව හිමිකම් ගැන අදනම් කතා කරන්න ඕනෑතරම් ඉන්නවා. ඔය කටවල් ඇරෙන්නේ ඩොලේර් වලට තමයි.
ඔය කතාව ඇමරිකාවටත් කියන්න. අපි දැන් අනුගමනය කරන්නේ බටහිර පිලිවෙතනම් අපේ රාජ්‍ය ආරක්ෂාවත් ත්‍රස්තවාදය වැළැක්වීමත් ඇමරිකාවේ සහ එංගලන්තයේ පිළිවෙලටම කෙරෙන්න ඕනා. මෙතුමිය ඇමරිකාවේ තිබෙන 2001 ඔක්තෝබර් මාසයේ සිට (සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් පසු සියලුම පක්ෂ එකතුවී අනුමත කල) අද වනතුරු ක්‍රියාත්මක වන පේට්‍රියට් ඇක්ට් නමින් හැඳින්වෙන ඇමරිකානු ජාති හිතයිශි පනත කියවල හිටියනම් හොඳයි.
ත්‍රස්තවදේ තුරන් වෙලා කියලද හිතන්නේ!!!!
අවුලක් නැ මේ යහපලනෙන් ඉල්ලන ඕන දෙයක් ලැබේවි.
එල්. ටි. ටි. ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරුවලා අහිංසක ජනතාව මරණ කාලේ , ඔය නෝනා ලංකාවේ නෙවෙයිද හිටියේ ?
රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් උනොත්,ලක්ෂ ගණනකගේ අයිතිවාසිකම් නැති වෙන්නේ නැද්ද?රටේ සියලුම ජනතාවට මොකද වෙන්න එතකොට? ඩොලර් වලට කඩේ යන අමනයෝ.
"එක් පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝණය වීම වුවද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් මානව හිමිකම්වලට අනුකූල රාජ්‍ය ආරක්ෂක පනතක් ගෙනා යුතු බව ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පෙන්වා දුන්නාය." එක පුද්ගලයෙක්ගේ බෝම්බෙකින් නසන සිය ගානක ජීවත් වීම එය මානව හිමිකමක් නොවේද ?? කියවනන් වාලේ වටාරම් ගහන්න එපා නෝනෙ !! ඔය පනත ඔයිට වඩා තද විය යුතුයි , එකාගේ මුළු පරම්පරාවම රටින් එලව දැමිය යුතුයි, එතකොට ඕකුන් එවයින් වැලකි සිටි.
ඉගෙන ගත්තට මොලේ නැහැ වගේ. උගතා සහ බුද්ධිමතා වෙනස් කියන්න එකනේ. හැඳිමිටේ කියලත් කියනවා මේ වගේ අයටනම් .
ඔවු ඉතින් ත්‍රස්තවාදය නැතිනම් මෙයාලට රස්සාවත් නැහැනේ . ඒ හින්ද කොහොම හරි ඒක නැවත ඇති කරන්න උත්සහ කරමු .
මෙයාගේ කවුරු හරි බස් බෝම්බෙකින් මලා නම් ඔහොම කියන එකක් නැහැ. කොටියට විතරද මානව හිමිකම් තියෙන්න ඕනේ.
කවුද ඩොලර් කතාකරනවා දැකල නැත්තේ?
එක මනුස්සයකුගේ මානව හිමිකම් ආරක්ෂා කරන්ඩ හදන්නේ... ඔය කියන කෙනා දන්නේ නැද්ද මිනිස්සු අතෙරේ මනසිකේ රෝගියෝ ඉන්නවා කියල ... ප්‍රබාකරන් කියන්නෙත් මනසිකේ රෝගියෙක් කියල දන්නේ නැද්දේ ... බහුතරයේ ආරක්ෂාවට මනිසික රෝගීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්ඩ අවශ්‍යද ... මේ මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ කව්ද ...
දොතරලා ගත්තම සල්ලිවලටම්යි .225 බාගෙට පිස්සු.හොරු.උගත්තු ගත්තත් ඔල්මුරුන්දන්.රට ඔහේ යනවා.පාසල් අධ්‍යාපනේ ඉඳලම හැදුවේ නැත්නම් ඉවරයි.ගමයි පන්සලයි වෙන් වුන දා ඉඳලම වැරදිලා.
මේ අය රූකඩ පමණයි.
බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ කියන්නේ මොකද්ද කියලලා තේරුම් නොගෙන. අතීතයේදී "...ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත්ව මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝණය වී තිබෙනවා..." කියන එක වැරදිද? මෙයින් අදහස් කරන්නේ "...රාජ්‍ය ආරක්ෂාව නොසලකා හැරිය යුතු බව..." නොවෙයි කියලා නැද්ද? "..එවැනි නීතිරීතී නොතිබිය යුතු යැයි අප කියන්නේ නැහැ..." කියන එක තේරුම් ගන්න බැරිද?
ඩයස් පෝරාවටත් උවමනා වෙලා තියන්නේ මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. එහමනං, තවත් පිරිසක් අපරාධ වැළැක්වීමේ පනත අහෝසි කරන්නයි කියමින් යෝජනා කලොත්, ඕකත් කරනවද?
මේ වගේ සංවිධාන රටක තියෙනකන් රටක දියුණුවක් නැහැ .
ලංකාවේ ඔය යුරෝපයේ තිබෙන විදිහට එක පාරටම ඔය මානව හිමිකම් වැනි දේවල් දුන්නොත් වෙන්නේ විනාශයක්, මහින්ද මහත්මයාගේ කාලේ ගොටභය අයෝමය හස්තයකින් රටේ යම්යම් දේවල් පාලනය කලා නමුත් යහපාලන රජය අනුගමනය කරන ලිහිල් පිළිවෙත ලංකාවට නොගැලපෙන බව පසුගිය කාලයේ ඇතිවුන උද්ගෝෂණ දිහා සහ ආර්ථිකයේ කඩාවැටීම බැලුවහම හොඳින් පෙනෙනවා.
ඔය යෝජනාව ගෙනෙන නෝනා මහත්මිය සිතින් ජීවත්වෙන්නේ යුරෝපයේ. අපි තවමජිවතවෙන්නේ තැති ගත් සමාජයක. යහපාලනය කියන ටකරම් මඩුවේ කරවේවි. උතුර තවම ගිනි කන්දක් වගේ සක්‍රිය තත්වයක තිබෙන්නේ. ඔය පනත රාජ්‍ය ලේඛනාගාරයේ ආරක්ෂාවට තබමු.