IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා

(විනීතා එම් ගමගේ)


ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති.


 අලූතින් අරඹන ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබාදීමේ සහ දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර අලූත් කිරීමේ දී මෙම ප‍්‍රමාදයක් පවතින  බව වාර්තාවේ. 


මේ වනවිට අලූත් ඔසුසල් හා පවතින ඔසුසල්වල බලපත‍්‍ර අලූත් කිරීම සඳහා ලැබුණු අයදුම්පත් 3500 කට ආසන්න ප‍්‍රමාණයක් අධිකාරියේ සිරවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.


සමහර අවස්ථාවල බලපත‍්‍රයක් ඉල්ලා මාස අටකට අධික කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බවත් බලපත‍්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන යාම නීති විරෝධී බැවින් තමන්ට බලපත‍්‍රය ලැබෙන තෙක් ඔසුසල වසා දැමීමට සිදුවන බවත් ඔසුසල් හිමියෝ පවසති.   


මෙසේ බලපත් නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් පවතින්නේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ යතුරු ලේඛිකාවන් හිඟය නිසා මෙසේ බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රමාදවන බවය. 


එබැවින් මෙම බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ඉක්මන් කිරීමට යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නැයි ඔසුසල් හිමියෝ සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (9)

යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා

kalani Wednesday, 23 May 2018 05:18 AM

මේ කේතුමතී රාජධානියේ රැකියා විරහිත තරුණ තරුණියන් නැති නිසා සිංගප්පුරුවෙන් හෝ ගෙන්වා ගනිමු.

:       12       58

සතයපාල Wednesday, 23 May 2018 06:04 AM

ඉන්න යතුරු ලියන්නියන්ට අතිකාල දීලා මේ වැඩය කරවා ගන්න පුළුවන්. දවසකට නිශ්චිත ප්‍රමාණයක් කරන්න කියලා ඒ සදහා අතිකාල ලබා දීමෙන් මේ ප්‍රශ්ණය මාසයකින් දෙකකින් නිමා කරන්න පුළුවන් ඒ සදහා පරීපාළකයන්ට බුද්ධිය තමයි අවශ්‍ය.

:       0       43

samathWednesday, 23 May 2018 09:25 AM

බුද්ධිය උඩ වාඩිවෙන ඇමතියන් සහ ඔහු සමඟ ඉන්න ඉහළ පෙලේ පරිපාලකයන්ට ඔබ කියන කතාව තේරෙන්නේ නැති නිසා ඔය ප්‍රශ්නය තවත් ඔඩු දුවාවි. සෞඛ්‍ය ඇමති මේ අවුරුද්දේ මුල භාගයේ ඇතිවුණු කළමනාකරණ ශ්‍රේණියේ ඇබෑර්තු දෙන්න නියම කරේ ඔහුගේ බේරුවල ආසනයේ එක ජන කොටසකට පමණයි. මේ ඒ ජන කොටසට විරුද්ධ කියමනක් නෙවෙයි අපේ ඇමති උන්දලාගේ ඡන්ද ගොඩගසාගන්න වැඩවල කොටසක් බව කියන එක විතරයි. මේ හේතුව නිසා ලැබෙන්න සුදුසු තනතුර නොලැබුණ ඒ කොට්ටාශයේ නොවෙන අපේ නැයෙක්ට අසන්න ලැබුණු දේ මම කිව්වේ. ඉතින් දැනුත් ඔය තනතුරු පුරවන්න නොදෙන්නේ ඒවාට බැල්ම හෙලන ක්‍රම සහ විධි ඇති නිසා වෙන්න ඇති.

:       0       1

de silva Wednesday, 23 May 2018 06:28 AM

ඔය මෑන් පවර් ආයතනයක් හරහා යතුරු ලියන්නියකගේ සේවය ලබාගන්න බැරිද ?

:       0       1

casmir Wednesday, 23 May 2018 06:39 AM

ඔය යටිගිරියෙන් විශ්වවිද්‍යාල වල කෑගගහ ඉදලා ඊටපස්සේත් පාර දිගේ රස්සාවල් ඉල්ලලා කෑගහලා ආණ්ඩුවේ රස්සාවලට ගිහිල්ල පුටුවල වාඩි වුනාට මෙලෝ පරිපාලනයක් ගැන දන්නේ නැහැ. මේවගේ දෙයක් විසඳගන්න බැරි අය එලවන්න ඕන ඔය ආයතන වලින්.. මේ අය බාගයක් ඇත්තේ ගෙවල් වල උදේ 9 ට වැඩට එනවා 3.30 ට එලියට බහිනවා උදේ තේ , දවල් කෑම , හවස තේ වලට කාලය ගියහම වැඩ කරන්න වෙලාවක් නැහැ.. ලංකාව නැතිකරලා තියෙන්නේ කම්මැලි රාජ්‍ය නිලදාරීන්...

:       0       18

indika Wednesday, 23 May 2018 06:41 AM

පොඩි ගානක් වියදම් කරානම් වැඩේට දවස් 3.

:       0       13

lalithsjm Wednesday, 23 May 2018 07:27 AM

ඔය වැඩේට වෙනම ඇමති කෙනෙක් පත් කරමු. ජනතා සේවයනේ.

:       0       2

naradha Wednesday, 23 May 2018 09:41 AM

ලාංකිකයෙකුට තමන්ගේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමට බලපත‍්‍රයක් ලබාගන්නට වසරකට අසන්න කාලයක් බලා සිටින්නට වෙන රටකට, විදේශ ආයෝජකයින් එයිද?

:       0       1

රවින් Wednesday, 23 May 2018 01:47 PM

කටහැකර අය පිරිලා ඉන්න ඔය අමාත්‍යංශයේ පරිගණක යන්ත්‍ර ඇත්තෙම නැද්ද? හරියට කරනවා නම් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න යන්නේ සති දෙකයි. මාස අටක් යනවා නම් (අමාත්‍යාංශය කිට්ටුව තියන), තව මාසයකට පස්සේ "ද සොයිසා ආර්යා රෝහලට යැව්වා නම් බබා හම්බවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31526 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13865 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site