රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී කේග රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය කියයි.
නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී -56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් මරණකරුගේ සිරැරේ වෙඩි ප්‍රහාර දොළහක් පමණ දක්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපලානේ දොරේ ගලනවා හැම දේටම දැන් නිදහස තියෙනවා
බතල පැල කලහම හාරන්න වෙන්නෙත් බතලම තමා.
ආවා කල්ලියේ වැඩක්.
අද මැරයන් විසින් රට තුල මිනි මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ නිදැල්ලේ කරමින් සිටී. රජය සහ පොලිසිය මෙවැනි දේ වලක්වා මහජන ආරක්ෂාව ස්ථාපනය කිරීමට අපොහොසත් වී සිටී. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් රටට ගෝටභය රාජපක්ෂ වැනි ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.
සෙනගක් අතරෙ මොකද එයාට විතරක් මැරෙන වෙඩි? අයියගෙත් වරදක් ඇති? ඉන්නෙ මරු තැනනෙ
මේ ක්‍රිකට් ක්‍රීඩක දනංජය සිල්වාගේ පියා නේද ?
මතක තියාගන්න ගෝඨා එනවට වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ මෙන්න මේ පාතාලේ එවුනුයි උන්ගේ උදව් ගන්න දේශපාලකයොයි..දවසකට පාතාලේ නිසා කී දෙනෙක්නම් මැරෙනවද? ඒත් කතාවනම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ..
නිකන් නාගරික-මන්ත්‍රි කෙනෙක් නෙමෙයි නේ ,අපේ රටේ ප්‍රසිද්ද ක්‍රීඩකයෙක් ගේ පියා , මේක අද ජාත්‍යන්තර මාද්‍ය ගණනාවක වාර්තා කරලා , ලංකව දැන් ප්‍රසිද්ද වෙන්නේ කොලොම්බියාව වගේ හැම තැනම මිනිස්සුන්ව වෙඩි තියල මරල දාන රටක් වගේ විදිහට . පාතලයෝන්ගේ නිතිය තමයි රටේ හැම තහනම් ක්‍රියාත්මක වෙන්නේ ,පොලිසිය , රජයක් ඇත්තේ නැහැ වගේ දැන්
යහපාලනය ගෙනාවා කියල මහලොකුවට කෑගහන්නෙ මේකට වෙන්න ඇති.දනන්ජයගේ පියානෙනි.ඔබට නිවන් සුව.නුදුරේදීම ජනතාව විසින්ම මොවුන්ට දඩුවම් දේවී.
ධනජය ද සිල්වාගේ තාත්තා නේද ?
අවි ගත්තෝ අවියෙන්ම නසිති
මන්ත්‍රීලට වෙඩි නොවදින ඇඳුම් ලබා දෙන්න වෙයි.
ඒ කියන්නේ අපේ ජනතාව තවමත් පාතාලයින්ට චන්දෙ දෙනවා, මුන්ට නම් කියල වැඩක් නැහැ.
ඊයේ දවසට වෙඩි තැබීම් වලින් ඝාතන 2යි . අගමැතිතුමයි , ජනාධිපතිතුමයි කියන තරම්ම රට අද වෙනකොට හොඳ තැනක තියෙන බව මේකෙන්ම ඔප්පු වෙනවා.
2013 ඉඳල 2015 වෙනකම් පාතාලේ වෙඩි තබා ගැනීම් වාර්තා වෙලා තියෙන්නේ දෙකයි ..ඊයේ දවසට විතරක් සිද්ධි 4 වෙලා දෙන්නෙක් මැරිලා .යහපලානේ සනීපයි .පාතාලේ ඉන්නෙත් අපේම දරුවෝ කියල හෙට රාජිත කියන්නත් පුළුවන්
යහපාලනේ දැන් නම් අප්පිරියයි..!