රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී කේග රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය කියයි.
නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී -56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් මරණකරුගේ සිරැරේ වෙඩි ප්‍රහාර දොළහක් පමණ දක්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.