(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
හිටපු ජනාධිපතිවරු භාවිත කළ මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.
මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා නවීකරණය කර පාවිච්චියට ගත නොහැකි නිසාත් විකිණිමට හා පෞද්ගලික පරිහරණයට පවරා දිය නොහැකි නිසාත් යැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවේ සඳහන් වේ.
මෙම ප්‍රභූ වාහන නැවත අදාල සමාගම්වලට දිය හැකි දැයි විමසන ලද බවත් නැව් ගාස්තු හා ප්‍රතිචක්‍රීකරණ වියදම් දරන්නේ නම් එමර ථ නැවත භාර ගත හැකි යැයි එම වාහන නැවත භාරගත හැකි යැයි එම සමාගම් දැනුම්දී ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දෙයි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කෙරුණු වාහන 95 ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16 කට බදු දී ඇතැයිද කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආර්ථිකය අන්තිමයි. හැමතැනම ලෙඩ දුක්. මාරාන්තික ලෙඩ දුක් පිරිලා. මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැ. මිනිස්සු ළමයි ලෙඩ දුක් වලින් මැරෙනව සත්තු වගේ. ඒ අතරේ දෙශපාලකයො අහිංසක මිනිස්සුන්ව නියමෙට රවට්ටල උන් උපරිම සැප විදිනව. දේශපාලුවො මුලු රටම විනාශ කරනව. ඉස්පිරිතාල පිරිල ඉතිරිලා. අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම්වත් නෑ. අනේ අපේ රට.
ලංකාව ගොඩ ගන්න නම් අනිවාර්යයෙන් අපි නැවතත් යටත් විජිතයක් විය යුතුයි .හොඳම රටනම් සවුදි අරාබියයි .දැඩි දඬුවම් තියන එවා ක්‍රියාත්මක කරන පාලනයක් අවශ්‍යයි
සනත් ඉතාලිය , මම ඉන්නේ ඩුබායි , මෙහෙ පාලකයා හිටපු සයිද් රජු සිහිවීම පිණිස සියලුම රටවැසියන්ට (අපට නොවේ ) බෝනස් දුන්න ඩිරහම් මිලියන ගණනක් ගිය මාසේ. ඔන්න ඔහොමයි මේ රටවල රටවැසියාට සලකන්නේ
සනත් ඉතාලිය, ඇයි අපි පිට රටවලට යටත් වෙන්නේ. රටට ආදරය ඇති හොඳ හමුදා පාලකයෙක් ලැබුනොත් නරකද? හමුදා පාලනය අවුරුදු 20 ක් වත් තිබිය යුතුයි. අපට වෙන විකල්පයක් නැති බවයි මට පෙනෙන්නේ. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කෙනෙක් ඉන්නවද කියන එකයි ගැටලුව.
ආගමික ස්ථාන කියන්නේ සිත සන්සුන් කරන ස්ථාන මිස සිත තව තවත් අවුල් වියවුල් කරන ස්ථාන නොවිය යුතුය.
සුද්දා අපෙන් නිදහස් උනේ අපේ කරුමෙට. අපේ අය කියන්නේ එයාලා සුද්දාගෙන් රට නිදහස් කර ගත්ත කියලා. ඇතටම උනේ සුද්දා අපෙන් නිදහස් උන එක.
මෙවැනි "සුදු අලියන්" මුහුදේ ගිල්වා, සමුද්‍රය දුෂණය කරනවා වෙනුවට, එම වාහන කොටස් කර පංචිකාවත්තේ මෝටර් රථ වාහන කොටස් විකුණන කඩවලට භාරදී එමගින් විශාල මුදලක් රජයට ලබා ගන්න හැකි නේද? වාහනවල යකඩ තහඩු වානේ සංස්ථාවේ උදුන් මගින් උණුකර අලුත් වානේ තහඩු නිපදවා රටට විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් පුළුවන් නේද?
කාගේ සල්ලිද මේ.?
ගංගාරාමයේ පෙන්වන්නේ මොකටද? ගංගාරාමය රජයේ ප්‍රදර්ශනාගාරයද?