(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 7 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
දැරියන් 7 දෙනා අවස්ථා කිහිපයක දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් ඒ බව තවත් අයකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීම ද ඔහු සිදුකර ඇත.
පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාළ දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට කළ පැමිණිලි කර ඇත.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම අදාළ දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාළ ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමලයට යන්න ඉස්සෙල්ල අපි මෙයාව ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමා ළගට දාමු!
බාල වයස්කාරයන් ලිංගික අපහරනය ලක් කරන අය සදහා විශේෂ මහාධිකරණයක් පිහිටුවා වේගයෙන් නඩු විභාග කර ඉහල දඞුවම් නියම කලහැකි ක්‍රමවේදයක් වහාම ඇති කල යුතුයි. නැත්නම් මේ ක්‍රියාව සමාජයෙන් බැහැර කල නොහැකි වේවී.