හර්ෂණ තුෂාර සිල්වා
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය.
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 17 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.55ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.
මේ වසරේ ජනවාරි 1 වැනි දා මැයි 25 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
ඡායාරූප - රොයිටර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රුපියල, ඇයි අපට ඔහොම කරන්නෙ?
ඔබ වැටෙන්න ඔබ වැටෙන්න තවත් වැඩි වෙලා අපේ රටේ අපි ඉන්නම් කඳුළු සල සලා ඔබ නගින්න ඔබ නගින්න තවත් ගොඩ වෙලා මැද පෙරදිග අපි ඉන්නම් ඔබට ලං වෙලා
දැන් මහ බැංකුව තියෙන්නෙ රුපියල අව ප්‍රමාණ වෙනවා කියලා කයිය ගගහ ඉන්නද. ඔහොම මහා බැංකුවකින් රටට ඇති සෙතේ මොකද්ද?
බය වෙන්න දෙයක් නැ. රුපියල අවප්‍රමාණ වුණාම රට අදායම් උපයනවා කියලා මහ බැංකුව අධිපති කියනවනේ. තව ලාබය වැඩි වෙයි මට හිතෙන්නේ.
මටත් මතකයි මහා බැංකු අධිපති තුමා එහෙම කතාවක් කිව්වා මේ ඊයේ පෙරේද. වැඩි ඈතක නම් නෙවෙයි.
රටේ ජනතාව ඇතුළු හැම දේම ආගාධය කරා යද්දී, රුපියල පමණක් කොහොමද අවප්‍රමාණය නොවී ප්‍රපාතයට වැටී නොතිබෙන්නේ? ඉතිහාසය තලුමරන අපිට කැමති නම්, සුද්ද මේ රට දාලා ගිය කාලේ රුපියලේ අගය ගැන හිතලා හීනියට සතුටු වෙන්න පුළුවන්.
පිටරටවල් වල දහදුක් විදින අපේ ලේ දහදියෙන් සූරා කමින් සැප විදින ඇමතිලා මන්ත්‍රීලා ඉන්න ආණ්ඩු තමයි ලංකාවේ තියෙන්නේ. අලුත් බදු පනත ගෙනාවට පස්සේ මම ලංකාවට මුදල් එවන එක සම්පුර්ණයෙන්ම නතර කලා. බැංකුවල ඉතිරි කරලා තියෙන සල්ලි ටිකත් ඔක්කොම එලියට ගත්තා. බැංකු වලට පිටින් අපේ අතේ තියෙන රුපියල පරිස්සම් කරගෙන බිල් ටික ගෙවාගෙන ජිවත් වෙන්න ක්‍රමයක් හැමෝම හදාගන්න.
එහෙමනම් කව්ද කිව්වා වගේ අපේ ආර්ථිකය ඉහලට
ඩොලර් තියෙන අයට නම් හොදය
මේ විදිහට රුපියල පහල වැටීම ගැන නිහඬව සිටීමට නම් අපහට නොහැකිය. මෙහි වගකීම මුදල් ඇමතිවරයා ඇතුළු ඔහුගේ නිලධාරීන් භාරගත යුතුයි. අගමැතිතුමා මෙයට ඉක්මන් පියවරක් ගැනීම ඉතාමත්ම වැදගත්. එතුමා මෙයට නිහඬව සිටිනවා කියන්නේ තම විරුද්ධ වාදීන්ට ජය ලබා දීමක් බව කිව යුතුයි. හර්ෂ වැනි අයද මේ රජයේ සිටින බව සිහිතබා ගත යුතුයි.