(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජයේ දේපොළ අවභාවිතා කළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
සංස්කෘතික ඇමැතිවරයාව සිටි කාලයේදී භික්ෂුන් වහන්සේ නමකගේ භාවිතය සඳහා වාහනයක් ලබා දීම හිටපු ඇමැතිවරයාට එරෙහිව ඇති චෝදනාව වේ.
හිටපු ඇමැතිවරයාට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරු 16 දෙනා එම අවස්ථාවට පැමිණි සිටීමද විශේෂත්වයකි.
ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේගොල්ලොද ජනතාවට සේවය කරන්න ද පොරකන්නේ.
හොරු.......වෙනුවෙන්......හොරු
මේ මිනිස්සුන්ට වෙන රාජකාරියක් ඇත්තෙම නැද්ද?.
යාපහුව යහපාලනයට පාවාදුන් ඔබට දඩුවම් දිය යුතුයි.............
මහින්දානන්දත් ඔතන.
එතකොට පහුගිය පාලනයේ හොරු ඇත්තෙම නැද්ද ?
එතකොට අර රාවණා කාලේ කට්ටියකට දුන්නාය කියල කියන සුඛෝපභෝගී වාහන දුන්නෙත් බුදුසසුනේ අභිවෘද්ධිය සඳහා කියලද කියන්නේ? ඒවා ගැන නඩු නැද්ද?
චිච්ක් විතරක්, හොරු , මුන් දකිනකොට බඩ දගලනවා, අනේ අපි ඡන්දෙ දීල බලාපොරොත්තු උනේ හොරු ටික හිරේ යවන්න , එත් දැන් හොරු වෙනුවෙන් හොරු ,
මේ වාහනය ඇත්තටම හාමුදුරුවන්ට පිරිකරක් විදියට පූජා කලාද? නැත්නම් මැණික් ගරන්න යැව්වද?
කල්ලියක් හදා ගත්තාම, ලංකාවේ ඕනෑම දේකට බය නැතිව මුහුණ දිය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා.. එකම රටක පිහිටුවා ගෙන තිබෙන, වැඩිම මාෆියා කල්ලි සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමුවෙනි ස්ථානයේ පසුවෙනවා. ඒ සියලුම මාෆියා කල්ලි ඉතාම බලවත් ලෙස මේ රටේ ඔවුන්ගේ බල පරාක්‍රමය හා බලසම්පන්න බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඒ වගේම මෙවැනි මාෆියා කල්ලි වලට ගැතිකම් කරන දීන, නිවට, නියාලු, මොවුන්ට ආවඩන අනුගාමිකයින් රැලක් පෙළගස්වා ගැනීමට මේ සෑම මාෆියා කල්ලියක්ම සමත්වී තිබීමත් සුවිශේෂවූ තත්වයක්.