(කාංචන කුමාර ආරියදාස)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණය පාර්ලිමේන්තු මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයකුට ඒ සඳහා එකඟතාවයට එළඹිය යුතු බව ද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය .
එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.
රටේ වර්තමාන තත්වය පිළිබඳවත් ගොවීන්ට සිදුව ඇති හානිය පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර නාහිමියන් බැහැදැක පිරිස් මහතා උන්වහන්සේ සමඟ කියා සිටියේ රටේ සියලු සංවර්ධන කටයුතු අතරමග නවතා රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීම සහ හොරකම් කිරීම පමණක් රජය සිදුකරගෙන යන බවයි.
මෙහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අබගස්වැව රාහුල නා හිමියන් කියා සිටියේ රට ගමන් කරන ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්න ගැටලු රැසක් තමන් වහන්සේ ද දකින බවත් බුද්ධ ශාසනයට එය විශාල වශයෙන් බලපා ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජි . සෝමතිලක යන මහත්වරු එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය උඩුබුරන්න එපා මහත්තයෝ! 2020 මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපතිකම අායෙමත් ගත්තට පස්සේ ඔබතුමාගේ පොහොට්ටුව දියවෙලා යනවා.
අනේ හාමුදුරුවනේ බුදුදහමට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ සමහර භික්ෂුන් දේශපාලනය බදා ගැනීමත් ...............
දීපු අත හපාකන එක ලොක්කට අලුත් දෙයක් නොවේ නේද ?? ඕක ඔය පක්ෂයේ අයගේ පුරුද්ද නේ !!
මේ පක්ෂයේ පැවැත්ම අද තනිකරම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සාධකය මත පමණයි. මෙම පක්ෂය අනාගතයේත් පවත්වාගෙන යාමට නම්, එයට ශක්තිමත් දෙවන පෙළ නායකත්වයක් අවශ්‍යයි.
මහින්ද ජනාධිපතිතුමා ආයිත් ශ්‍රීලනිපයට එකතු වෙන්නේ නැහැ. ඒක සහතිකයි. මේ හවුල් පාලනෙත් එක්කම ලගදීම ශ්‍රීලනිපයත් වැළලිලා යනවා.
චානක් කියන එක හරියටම හරි.
ඔය නෙලුම් පොහොට්ටුව ඡන්ද ලකුණකට දීපු එක වැරදි නේද. ඒක පුජනීය වස්තුවක්. බුදුන් උපන් හැටියේ පියුම් පිට වැඩියා.
දැන් ඔය පක්ෂයේ සාමාජිකත්වයවත් නැති කෙනෙක් නේද නායකයා කියලා සියලුම දෙනා කියන්නේ. එතකොට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පක්ෂ සාමාජිකත්වය අවශ්‍ය නැද්ද? ඔය මොන දේ දෙඩෙව්වත් මහින්ද රාජපක්ෂගේ ඉලක්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ආපසු ලබා ගැනීමයි.
දැන් යන විදියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට පොහොට්ටුවට එන්න වෙයිද දන්නේ නැහැ .
එන්නකෝ! අපි දෙන්නන් නියමෙටම.
ඉදිරියේදී ලංකාවේ සියලුම උගතුන්ගෙන් රටට සේවයක් වන විදියේ ක්‍රමවේදයක් ගෙනාවොත් යහපත් පුරවැසියන් බිහිවී, මේ රට ශිෂ්ටාචාර රටක් ලෙස පරිවර්තනය කල හැකියි.
2020 පොහොට්ටුවට ඇපත් නෑ.......2030 වෙනකම් යහපාලන රජය යනවා.......