අජන්ත කුමාර අගලකඩ
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත.
ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන ඇලෝසියස්ගේ සමාගමෙන් මුදල ගත් 118 දෙනකු සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර ඔවුන්ගේ නම් හෙළි කරන්නැයි මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව නිතිපතිවරයාගේ මතය විමසා ඇත.
මහබැංකු බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ කොටසක් ප්‍රසිද්ධියට පත් කර ඇතත් තවත් කොටස් කිහිපයක් මේ වන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබේ.
අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇතත් එම තොරතුරු සංවේදී තොරතුරු ලෙස සළකා වසර 30 ක් යන තෙක් ලබාදිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර අද (1) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසන් වාර්තාවේ හෙළි නොකළ තොරතුරු හෙළි කළ හැකි දැයි තමා නීතිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව කීවේය.
එම තොරතුරු හෙළිකළ හැකි බව නීතිපතිවරයා දැනුම් දුනහොත් සියලු තොරතුරු අදාළ පාර්ශව වලට ලබාදෙන බවද ජනාධිපති ලේකම්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැන ගැනීමෙ පනතට අනුව මොකද්ද මේකේ තියෙන සංවේදි කම. පනතවත් හරියට කියවන්නේ නෑනේ.
කොමිසම ඔය තොරතුරු හංගන්න හේතුව මොකක්ද ? ඇත්ත ඇති සැටියෙන් හොයන්නනේ කොමිසමක් පත් කලේ. කොමිසම තොරතුරු වසන් කිරීම වැරද්දක් කියලයි මම දකින්නේ.
අසාධාරණය සිදු වුනේ මහජනතාවටයි.
බැදුම්කර වංචාවෙන් හොරකම් කලේ මේ රටේ මහා ජනතාවගේ මුදල් නම් ඒක හොයන්න පත්කල කොමිසන් සභාවට වියදම් කලේත් මහාජන මුදල් නම් ඒ වාර්ථාව මුද්‍රණය කලේත් මහාජනතාවගේ මුදලින් නම් ඒක ජනතාව අතට පත් කරන්න නීතිපති ගේ හෝ උසාවියේ අවසරයක් අවශ්‍ය නැහැ. මෙතන ජනාධිපති ලේකම් බොරුවට කල් මරන්න කරන විගඩමක් විතරයි තියෙන්නේ. අනික ලේඛනාධිපති සංවේදි කරුණූ මොනවද කියලා කොහොමද තීරණය කරන්නේ කාට සංවේදි කරුණුද ඔහුට සංවේදි කරුණුද අර්ජුන මහේන්ද්‍රන්ට සංවේදි කරුණුද ඇලෝසියස්ට සංවේදි කරුණුද නැත්නම් මේ 118 දෙනාට සංවේදි ඒවාද. ඒවා මේ රටේ ජනතාව දැන ගැනීමට අයිතිය නැත්නම් කාටද ඒ අයිතිය තියෙන්නේ ලේඛනාධිපතිට කවුරුද ඒ බලය පවරලා තියෙන්නේ. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවට හෝ ජනාධිපති කාර්යාලයට වලංගු නැද්ද ?
අප මේ පසුකරමින් සිටින්නේ ඉතාමත් අකාර්යක්ෂම එකිනෙකාට අවලාද කරගන්නා අදක්ෂ පාලන සමයකයි. රටේ ආර්ථික තත්වය එන්ට එන්ටම පිරිහෙනවා. බදු බරින් ජනතාව හෙම්බත් කරනවා.
සත්‍යපාල ගේ අදහසට මමත් එකඟයි.මහජනයාට කාගේ පිහිට ද?
ඕක ඉබි යතුරු දමා අවුරුදු 30 කට වහල දමනවානම් මෙච්චර මුදලක් වියදම් කරලා ඕක හැදුවේ කුමටද ?
සංවේදී වෙලා දරාගන්න බැරිව මිනිස්සු මැරෙයි කියල දුක ඇති..
මේ වාර්තාව ප්‍රසිද්ධ කල යුතුද නැද්ද කියා සොයා බැලීමට කොමිසමක් පත් කල යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාට ඕනෑ හැටියට මේවා කරන්න බැහැ .
රටට සර්වබල ඡන්ද ක්‍රමය ලැබුණු දා පටන් අද වනතුරුම ඡන්ද දායකයා දේශපාලක බලවතුන්ට රැවටීමයි සිද්ධවෙලා තිබෙන්නේ. ඉදිරියටත් එසේම සිදුවේවි අනේ කාලේ වනේ වාසේ..
හොරකමෙන් වුන පාඩුව පියවා ගැනීමට මුදල් සහ දේපළ තහනම් කොට තිබියදී ,මේ සල්ලි වියදම් කොට දැමු කොසමේ වියදමත් ගියේ ජනතාවගේ ගිණුමට. ඒත්,මේ කොමිසම අල්ලාගෙන තම දේශපාලන හතුරාට හොඳහැටි පහර දුන් හැටි අපට මතකයි. ඒත් තාමත් ඒකෙ ඉවරයක් නැහැ. කොමිසම තියා තවත් සල්ලි නාස්ති නොකොට මෙය අධිකරණයට දැම්මානම් මෙලහකටත් වැඩේ අවසන් වෙලා.
ඔය නම් ලැයිස්තුව මේ කපේදී දැනගන්ට ලැබෙන්නේ නැහැ. ලබන මැතිවරණයේදී ඔය නම් 225 ම අයින් කරන්ට බලය තියෙන්නේ රටේ මහජනතාවටයි.
හොරු ආරක්ෂා කිරීමට කවුරුත් ඡන්දෙ දීලා නෑ
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් තමන්ගේ අභිමතය මත පමණක් මේ 118 දෙනා පිලිබඳ දත්ත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යැව්වා යයි සිතිය නොහැකියි. අනිවාර්යයෙන්ම, මෙවැනි දෙයක් ලේකම්වරයා කර ඇත්තේ ඔහුට ඉහලින් ආ නියෝගයක් මත විය යුතුයි.
යහපාලනය, මානව ධර්මතා සිඳීගිය තැතිගත් සමාජයක අපි ජිවත් වෙන්නෙමු. චෞර කප්පිත්තන් මහජන දේපොළ කිසිදු ලැජ්ජාවකින් තොරව සොරකම් කරති. ඒවා සොයන්නට කොමිසම පත් කරති. කොමිසමේ නිර්දේශ රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පත් කර , ඒවා සංවේදී බැවින් ජනතාවට දුක සිතෙන බව පවසති. ණය බර උසුලා ගැනීමට බැරියයි ජනතාවට කරුණු කියති. අපි මහත් ප්‍රීතියෙන් අත්පොඩි ගසන්නෙමු. දියවන්නාවේ ආර්ය සිංහල සුදු ඇඳුම, යුරෝපිය ඇඳුම දීප්තියෙන් බබලයි. රජයත් ඔවුන්ගේය. අධිකරණයත් ඔවුන්ගේය. පොලිසියත් ඔවුන්ගේය. හිර කූඩුව පමණක් අපේය.
පොර මොත්තයක් දානවා වගේ පේන්නේ...