(විනීතා එම් ගමගේ)
‘‘මැතිවරණයේ දී ඇලෝසියස් මහතා මට මුදල් දී මා සිරකළ කියා මට හිතෙනවා. මම දන්නවා මාව හිරකළ කියා. නමුත් මාව හිරකළත් මගෙන් කිසිවක් කර ගන්න ඔවුන්ට බැරිවුණා.’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
ඔහු දුන් ලක්ෂ දහයේ චෙක් පත මැතිවරණයේ දී වියදම් කළ බවත් එම මුදල මැතිවරණ ව්‍යාපාරයේ දී මුහුදට වැටුණ පොල්ලෙල්ලක් වැනි බවත් හෙතෙම කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ අද (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා මෙසේ ද කියා සිටියේය.
‘‘දේශපාලඥයෙක් විදියටත් කවදාවත් හොරකමක් නොකල පුද්ගලෙයක් විදියටත් මම තීරණය කළා මේ ගැන මාධ්‍යයට කථා කරන්න. කවුරුත් බැඳුම්කර සිද්ධිය ගැන දන්නවා. මේ සිද්ධිය වුණේ 2015 පෙබරවාරි 24 හා 2016 මාර්තු 27යන කාල සිමාවේයි.
මේ කාරණය සිද්ධවෙන අවස්ථාවේ මම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නොවෙයි. මම කටයුතු කළේ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය තනතුරෙයි. එම තනතුරේ කටයුතු කළත් 2015 ජූලි 5 වැනිදා නාම යෝජනා කැඳෙව්වා. ජූලි 13 මම නාමයෝජනා භාර දුන්නා. එතකොට මේ නාම යෝජනා දෙන දවසෙ තමයි මට චෙක් එක ලැබුණේ.
ඒ අනුව මේ සිද්ධිය වෙද්දි මම පාර්ලිමේන්තුවෙත් නැහැ. කෝප් කමිටුවෙත් නැහැ. හැබැයි මේ සිද්ධිය ගැන විවිධ අර්ථ නිරූපනයන්, දින වරද්දා ගැනීම් සිද්ධ කරල තිබුණා. මම දැක්කා කුලියට ලියන වෙබ් අඩවියක් දින සම්පූර්ණයෙන් මාරු කරගෙන ජූනි මාසෙ මම මේ චෙක් පත මාරු කළේ.එ තකොට කොහේද ඡුන්දයක් තිබුණේ කියා අසා තිබුණා. ඒකම බන්දුල ලාල් බණ්ඩාරිගොඩත් කියල තිබුණා. මේ කවුරුත් දින පටලගෙන කතා කරල තියෙන්නේ.
2015 ජුනි 5 මැතිවරණය කැඳවනවා. 2015 ජූලි 10 තමයි බී වාර්තාවේ තියෙන හැටියට මට අර්ජුන ඇලෝසියස් මහත්තයා කතා කරල තියෙන්නේ. ජූලි 13 තමයි මේ චෙක් පත මාරු කරල තියෙන්නේ.
ඒ වගේම එදා තමයි නාමයෝජනා දුන්නේ. මම මතක නැහැ කියල කිව්වාම සමහරු කළබල වුණා. මම මතක නැහැ කිව්වේ මේක ඇලෝසියස් මහත්තයා මට අතට දුන්න එකක් නොවෙයි. ඒ චෙක් පත කවුරු හරි අතේ එවල තිබුණ එකක්. ඒකයි මම කිව්වේ. මුදල් චෙක් පතක් නිසා ඒක මාරු කරල මුදල් වියදම් කළා.
එතකොට ඒ මැතිවරණයෙන් පසු මම පාර්ලිමේන්තුවට පත්වෙනවා. කෝප් කමිටු සාමාජිකයෙක් වෙනවා.
අමාත්‍යවරයෙක් වෙනවා. මේ බැදුම්කරය ගැන දෙවන කෝප් කමිටුව පටන් ගන්නේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ තමයි. මේ ක‍්‍රියාදාමය තුළ බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව දිගින් දිගටම කතා කලා. කෝප් කමිටුවෙ ප‍්‍රශ්න කළා.
අපි බැඳුම්කර ගණුදෙනුවේ දිගටම ප‍්‍රශ්න කළා. මේ බැඳුම්කර ගණුදෙනුවේ සිදුවුණ වංචාව හෙළි කර ගතයුතුය යන තැන ඉඳන් මම කටයුතු කර තිබෙනවා.
එහෙම නැතිව මම ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරල නැහැ. දුරකථන ඇමතුම් සම්බන්ධව සිද්ධිය ඇතිවුණ වෙලාවේ මම බොහොම පැහැදිලිවම කිව්වා මට ඇලෝසියස් මහත්තයා කථා කලා මුදල් එව්වා කියලා. නමුත් මට ඔවුන් ආරක්ෂා කරන්න මට බැහැ ඔවුන් කර මුලින් අහුවෙලා ඉවරයි කියා මම කිව්වා. මම කිසි විටෙක ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරල නැහැ.
මේ බැඳුම්කර ගණුදෙනුව යන වෙලාවේ අපි මුදල් අරන් ඔහු රැක්ක නම් තමයි මේ චෝදනා මට එල්ල කළ යුත්තේ. මේ රටේ හැම අපේක්ෂකයෙකුම ඕනම මැතිවරණයකදී ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගැනීම කරනවා. ඒක හැම පක්ෂයක්ම එහෙම කරනවා. ඒ ව්‍යාපාරිකයන් දෙන මුදල්වලින් තමයි ඡන්ද ව්‍යාපාරය කරන්නේ.
ඒ විතරක් නොවෙයි රංජන් රාමනායක මහත්තයා කියල තිබුණා මේවා කලූ සල්ලි කියලා. චෙක්පතක් කියන්නේ නීත්‍යානුකූල දෙයක්. මේක අහුවෙලා තියෙන්නේත් නීත්‍යානුකූල නිසයි. සල්ලි මිටි ගෙනාවා නම් ඒවා කලූසල්ලි කියන්න් තිබුණා. මේ චෙක්පත ගැන ඔහුගේ විගණන වල තිබෙනවා. කොහොමද කලූසල්ලි කියන්නේ.
මේ සල්ලි මොන කොහොම උපයපුවද කියල මම දන්නේ නැහැ. වතුරට වැටුණ ජලය බින්දුවක් තෝරා ගන්නෙ කොහොමද?
මේක අල්ලසක් කියා තිබුණා. මම ඔහු වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ. කොතැනද පෙනී සිටියේ. මේ මුදල් අරන් මම ඔහු වෙනුවෙන් පෙනී සිටියා නම් මේක අල්ලසක් වෙනවා. මේරුපියල් ලක්ෂ දහය මැතිවරණ ව්‍යාපාරය වෙනුවේන වියදම් කරල මම ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. පොත් ලිව්වෙත් නැහැ. කෝප් වාර්තාව අවසානයේ අස්සන් කරපු එක මන්ත‍්‍රීවරයෙක් මම. ඒකෙ පාදසටහන් දමන්න ගියේ නැහැ. ඇයි රන්ජන් රාමනායක මේ කෝප් කමිටු වාර්තාවට අස්සන් නොකලේ.
එදා පැන ගිහින් අද මඩ ගහනවා. නමුත් ඔහුටත් මෙවැනි චෝදනා තියෙනවා. මම කියන්න කැමතියි මොන බොරු කොණ්ඩ දාපු අය අපට මොන චෝදනා කළත් මම බොරු කොණ්ඩ කාරයෙක් නොවෙයි. මට මේ සියලූ චෝදනා එන්නේ මේ ආණ්ඩුවෙන් මම ඉවත්වුණාට පස්සෙයි.
මගෙන් කට උත්තර ගත්තු දවසෙ ? වෙනකොට පුවත් පත් නිවේදනත් නිකුත් කර ඉවරයි. ඒ නිසා මේ රටේ සියලූම් දේශපාලකයින් මැතිවරණ ව්‍යාපාරවලට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්නවා. හැම කෙනෙක්ම ගන්නවා. එහෙම නම් මේ රටේ නීතියක් තියෙන්න ඕන මැතිරවණ වලට මුදල් ගන්න බැහැ කියලා. නැත්නම් අපේක්ෂකයින් ගන්න මුදල් ප‍්‍රමාණය හෙලි කරන්න ඕන කියලා. ඒ වගේම වියදම් කරපුවා ඉතිරි ඒවා ගැන නීති තියෙන්න ඕන. මම කියන්නේ මේ චෝදනා ආපු නිසා නොවෙයි එහෙම නීති රටේ තියෙන්න ඕන.
මේ ජරා ජීර්ණ මැතිවරණ ක‍්‍රමය තියෙන තාක් කල් අපට මැතිවරණවලට වියදම් කරන්න වෙන්නේ ව්‍යාපාරිකයන්ගෙන් අරගෙන තමයි. නැතිව මේ එක ඇමතිවරයෙක් වත් තමන්ගේ ගෙදර තිබුණ සල්ලි ගෙනත් වියදම් කරල තියෙනවාද? වැදගත් වන්නේ මේ සල්ලි දුන්න අය වෙනුවෙන් පෙනී සිටිනවා ද නැද්ද යන්න සමගයි.
මම චෙක් පතක් ගත්තේ නැහැ කියල කොතැනක වත් කියල නැහැ. අනෙක් අය ගත්තේ නැද්ද කියලා මම අහන්නේ. එදා ඒ ගත්තු සල්ලි මැතිවරණය ව්‍යාපාරයට වියදම් කලා. නාමයෝජනා දුන් දවසේ 5000 ක් විතර ආවා. ඒ අයට කන්න දුන්නා. කැප් ටී ෂර්ට් දුන්නා. මැතිවරණ ව්‍යාපාරයෙදි මේ සල්ලි ටික මුහුදට දාපු පොල් ලෙල්ලක් වගේ. ’’ යැයි ද ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්න හා ඊට ජයසේකර මහතා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය. ඉදිරි මැතිවරණ වලදී 16 දෙනාගේ කණ්ඩායම හිටගන්න බලාපොරොත්තු වෙන්නේ කා සමඟ ද?
පිළිතුර. ජුනි 3 දා අලූත් කණ්ඩායමක් පක්ෂය ඉදිිරියට ගෙන යාම ස`දහා නම් කරයි. එහි දී 16 දෙනාටත් යම් වගකීමක් භාරදේවි කියා හිතනවා. එහෙම වුණාම පුළුවන් වේවි පක්ෂය පුළුල් ව සංවිධානය කරන්න.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්විම රටවෙනුවෙන් ගත යුතු තීන්දුවක්. ජනාධිපතිවරයා කිව්වා ආණ්ඩුවෙන් අපි ඉවත්විය යුතුයි කියලා. දින වකවානු තීරණය කරන්න කියල තියෙන්නේ.
ප‍්‍රශ්නය. ඉදිරිි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා කවුද?
පිලිතුර. ඒක කථා කළ යුතු ඉදිරියේදියි. 2019 අගෝස්තු සැප්තැම්බර් වෙද්දි සුදානම් තීරණය කළ යුතු දෙයක්. දැන්මම ඉස්සර විය යුතු නැහැ. මුලින් පුළුල් ව්‍යාපාරයක් හැදිය යුතුයි. සියලූ පක්ෂ සමග ඉතා බලවත් පෙරමුණක් හැදිය යුතුව තිබෙනවා. එක මතවාදයකට පැමිණ 2019 දි කවුද දියසෙන් කුමාරයා කියා තීරණය කළ යුතුයි.
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙන් හොයාගන්න කලින් කිව්වනම් ඔබතුමා ගොඩ. දැන් නම් පරක්කු වැඩියි.
කොහොමද මිනිසුන්ගේ බදු මුදල් හොරාකලා තියෙන විදිහ. සේරම එකයි .
මෙයා සල්ලි ගත්තේ මැතිවරණ ව්‍යාපරේට පමණක් නම් ඔය චෙක් එක මාරු කරන කොට බැංකුවෙන් දෙන රිසිට් එක මාධ්‍යට ඉදිරිපත් කරන්න තිබුනා නේද ඒක දැනට නැතිවෙලා නම් ඔච්චර හොදට චෙක් එක මාරු කරපු දිනේ මතක තියෙන කෙනාට පුළුවන්නේ බැංකුවෙන් අදාළ රිසිට් එකේ කොපියක් අරගන්න
වැස්සකට ,අව්වට නම් ඉස්කෝලේ ගියේ නැති අපටනම් ඒ තරම් තේරුමක් නැහැ මේ කියන නාඩගම් කතන්දරේ මොකක්ද කියලා? හැබැටම කියන්නකො බලන්න නොතේරෙන අපට තේරෙන භාෂාවෙන් ඔබ පෙරකදොරුවෙක් නේද ? කලුකබා එහෙමත් අදිනවා නේද ? එහෙව් එකේ පෙරකදොරුවෙකුත් කොහෙවත් යන කෙනෙකුගේ ගැටවලට අසුවුනා
දැන්ද මේවා දැන් එලියට දමන්නේ ? කව්රු හරි එවපු චෙක්පත් මොකටද මාරු කෙරුවේ! මේ ප්‍රථම බැදුම්කරය නොවේනේ! මීට ප්‍රථම වුන බැදුම්කර ගැන ඔබවත් ජනතාවත් දන්නවද? අඩුම තරමේ බැදුම්කරය කියන එකේ තේරුම දැනගත්තේ මේ ආණ්ඩුව ආවාට පසුව නේද?
ඇලොසියස් මේ අයට දුන් මුදලින් වලින් කොයි තරමක් මැතිවරණ ව්‍යාපාරයට යෙදුවාද, තව කොතරම් ප්‍රමාණයක් තම සාක්කුවට දමා ගත්තද යන්න දන්නේ මේ අය විතරයි. කෙසේ නමුත්, අවසානයේ බැදුම්කර මගඩිය හරහා ඇලොසියස් ගෙන් ගත් ණය පියවනකොට, ඒ සියලු මුදල් ගෙව්වේ මහජනයාගේ කර පිටිනුයි. මේවා ලංකාවේ ඡන්ද දායකින්ට හොඳ පාඩම්.
තොත්ත බබාලා
මෙන්න බබෙක් , මෙයා සල්ලි අදුරන්නේ නැනේ , අනේ පවු ඉල්ලන්නෙත් නැතුව ඇලෝසියස් කියලා සන්නාසි බිල්ලෙක් මේ බබාට කොළ කැලි වගයක් දීලනේ...
ඔබතුමාට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දේශප්‍රේමය සහ රණ විරුවෝ ගැන බෙරිහන් දෙන්න. එතකොට ඔය කරපු ජරා වැඩේට මුලු රටම සමාව දෙනවා. කට කසනවට නෙමෙයි කියන්නේ... නිකන් කරලා බලන්නකෝ ගොඩ යන හැටි.
පාර්ලිමේන්තුවේ තොත්ත බබාලා ගොඩයි. අනුකම්පා කරමු.
පසු ගිය වකවානුවේ හිටපු කට්ටියට මේවා අලුත් දේවල් නෙමේ , හැමෝම එකතු වෙලා ප්‍රගුණ කරපු දේවල් . දැනුත් පුරුදු පුහුණු වෙච්ච කට්ටිය සුදොනෝ වෙන්න යනවා බොරු මායම් දාල. තවමත් එක හොරෙක් ඇල්ලුවේ නැහැ. හරි අහිංසකයා .
මැතිවරණ වලදී ව්‍යාපාරිකයන්ගේ මුදල් ගන්නවා මැතිවරණ කරන්න. දිනුවට පස්සේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව දෙනවා ඔවුන්ට ඔනෑ විදිහට බඩු මිල වැඩිකරමින් බිස්නස් කරගෙන යන්න .ජනතාව තමයි ඡන්දෙත් දීල ඉල්ලන්කන්නේ .බඩු මිල වැඩිකලහම
මෙයා හිටපු ක්‍රීඩා ඇමති නේද ? එතකොට මෙයයි, තිලංගයි අර අල් ජසීරා පෙන්නපු 'මැච් ෆික්සින්' ගැනත් යමක් දන්නව ඇතිද ?
කලින් දුන්නා නම් එපා දෙන්න ඒවා.........ලැජ්ජාවක් නෑ..... කුරුණෑගල මිනිසුන්ගේ ආත්ම අභිමානය නැති නොකර ගෙදර යන්න...
අනේ පින් සිද්දවෙයි කවුරුහරි මෙයාට සුප්පුවක් දෙන්න.
රට ආපස්සට අරන්යන මිනිස්සු
මෙයා ඇලෝසියස් ට උදව් කලත්, නැතත් , මහේන්ද්‍රන් සහ ඒ සමාගමයට අහුවුණු හැම දෙනාටම වගේ මෙයත් එහෙනම් ඒ හොරකමට සම්බන්ධ වෙලා තියෙනවා. අනික මෙයාගේ ආදායම් බදු හෝ වියදම් වලට මෙයාට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරීමත් වරදක්. එහෙම නම් ඒවා කළු සල්ලි නෙමේ නම් වෙන මොනවද? කිතුල් ගහේ නැග්ග මිනිහටත් කියන්න දෙඅල් තිබුන නම් මෙයට නැතිවෙන්න බැනේ. ලස්සන වැඩේ කියන්නේ අරු හොරා, මු හොරා කියා කියා ඉන්න ඔක්කොමත් හොරු වීමයි.
බබා එන්න නලවන්න
ලැජ්ජාවක් කියලා දෙයක් තිබෙනවා කියා දන්නවා නම් මොහු පාරට බහින්නේ නැහැ .
දැන් මිනිහෙක් රත්තරන් මාලයක් කඩාගෙන දුවනවා.... අහල පහල මිනිස්සු හොරා පස්සේ එළවද්දී බයට හොරා මාලේ වීසි කරනවා..... හරි එහෙම වීසි කරා කියලා හොරාට හොරකම්කල වරදින් බේරෙන්න පුලුවන්ද? මෙයා බබෙක්ද මේවට අහුවෙන්න..... වසර 3කට කලින් මේවා කිව්වා නම් තව එකක්.... පසුගිය කාලය පුරාවට නිදාගෙනද හිටියේ.... නීතියෙන් තර්කය මත ගැලවෙයි.....ඒත් වචනයෙන් ගැවෙන්න බෑ.......
"මේක අල්ලසක් කියා තිබුණා. මම ඔහු වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ. කොතැනද පෙනී සිටියේ. " එහෙම කියල මිනිහම කියනවා "‘මැතිවරණයේ දී ඇලෝසියස් මහතා මට මුදල් දී මා සිරකළ කියා මට හිතෙනවා" කියල. සල්ලි අරන් දුෂණයට විරුද්දව කතා නොකර ඉහිටපු එකම තමා අල්ලසට ගෙවීම.
තමන්ට (හෝ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට) සල්ලි අරගත්තා කියන්නේ, ඔහු සමඟ දයාසිරිගේ සම්බන්දතාවයක් තියෙනවා (හෝ සම්බන්දතාවයක් ඇතිවුනා) කියන්නේ ඒකනේ...... එහෙම සම්බන්දතාවයක් තියෙන කෙනෙක් සම්බන්දයෙන් ක්‍රියා කරන්න.........කෝප් කමිටුවක සිටීමට සාධාරණ නෑ.........දුෂ්ට දේශපාලකයෝ
ඇලොසියස් මුදල් දී මාව හිර කළා -දයාසිරි. දයාසිරි බබා...
බෙනේට අහුවෙලා වගේ!
දැන් වත් ඉතින් කයිවාරු ගහ ගහ ඉන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න, හරි මිනිහෙක් නම්.
ඔක්කම පට්ටපල් හොරු.
දැන් 2015 මහමැතිවරණය කැඳවන කොට බැඳුම්කර මගඩිය ගැන රටේ ලොකු කතාවක් ඇති වෙලා තිබුණනේ. මෙයත් ඒගැන ලොකුවට කතා කලානේ. ඒවා එහෙම වෙද්දී ඇලෝසියස්ගේ චෙක් එක මාරැ කරගනිද්දී මේ වගේ හිරවුණා කියලා අඬන්න වෙයි කියලා මෙතුමාගේ උගත් මොළයට වැටහුනේ නැද්ද?
මෙයාට දැන් බයිලා කියන්නත් පුළුවන්නේ ..
අනේ පව්. ඇලොසියස් මුදල් දී එයාව හිර කළාලු. මෙයා තොත්ත බබානේ. රවිට මතක නැහෙ කිව්වහම, මෙයා රවිට කිව්වේ, රවී තොත්ත බබා කියල. මෙයා අවංක නං, ඇයි මෙයාගේ ආරක්ෂක නිලධාරි මාර්ගයෙන් චෙක් පත මාරු කලේ? තමාටම ගිහින් මාරු කරන්න තිබුනනේ. ඇයි කාර් පාරක් එකේ චෙක් පත බාර ගත්තේ? ප්‍රසිද්යේ ගන්න තිබුනණේ.
දැන් මෙයා බබා වෙන්න හදනවා.පාර්ලීමේන්තු මැතිවරණයට නාම යෝජනා කැදවීමට පෙර හා පාර්ලීමේන්තුව විසුරුවා හැරීමට පෙර ඩියු ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා වාර්ථාව සකස් කර පාර්ලීමේන්තුවට භාර දීමට සුදානම්ව සිටි මොහොතක තමයි ජනාධිපතිවරයා අගමැතිවරයාගේ බලපෑම මත පාර්ලීමේන්තුව විසුරුවා හරින්නේ.ඒ කාළය තුල අර්ජුණ මහේන්ද්‍රන්- අර්ජුන ඇලෝසියස් පර්පචුවල් ට්‍රෙෂරීස් විතරක් නොවේ රනිල් වික්‍රමසිංහ හා රවී කරුණානායකගේ මෙයට ඇති සම්බන්ධකම් රටටම හෙළිවී අවසානයි.ඒ සියල්ල දැන දැනත් මෙයා සල්ලී ගන්නෙත් මෙයාට සල්ලී දෙන්නෙත් පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙයා පත් උනාම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අනාගතයේ ඇතිවන ප්‍රශ්න වලට උදව් ගැනිමේ පරමාර්ථයෙන් ඇර වෙන අහවල් දෙයකටද. වංචාවකට හා දූෂණයකට සම්බන්ධ මුදල් දැනුවත්ව ලබාගෙන තම මැතිවරණ ව්‍යාපාරයට වියදම් කලේ අනාගතයේ තමන් බලයට පත්වු පසු ඒ දූෂිතයන් ආරක්ෂා කිරිමට පොරොන්දුව මත නොවේද ඒ හැර මොහුට මුදල් දීමට වෙනත් හේතු තිබේද රට රවටමින් තවදුරටත් බලයේ සිටිමේ පහත් අරමුණ හැර වෙනත් අරමුණක් මොහුට නැත.
ඡන්දයෙන් පත් වුණ සියලුම මහජන නියෝජිතයන් මුදල් ලබාගෙන තමන්ගේ මැතිවරණ කටයුතු කළා කියලා මෙතුමා කියනවා නම්, රටේ ජනාධිපතිගේ සිට සියලුම මහජන නියෝජිතයින් මේ ගැන ලැජ්ජා විය යුතුයි.....සියලු දෙනා රටේ ජනතාවට නිදහසට කරුණු කිව යුතුයි.............
ඔබ ලෝයර් උනාට අර්ජුන ඇලෝෂියස් ඔබට වඩා බොහෝ ඉදිරියෙන්. ඔහු ඔබලාව අල්ලලා ඉවරයි. සල්ලි දිහා බලාගෙන යනකොට මොනවගේද වැටෙන්නේ කියාවත් හිතාගන්න බැහැ.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, හිටපු ජනාධිපතිතුමනි මෙයාලට ඔබලාගේ පක්ෂ වලින් නොදී සිටීම ඔබතුමාලා රටට කරන සේවයක්.............
මන්ත්‍රීතුමා සමාගම් වලට හෝ පුද්ගලයන්ට දේශපාලක පක්ෂ වලට මුදල් පරිත්‍යාග කරන්න නීතියෙන් තහනම් නැත....... නමුත් එකට ක්‍රමවේදයක් තිබෙනවා , ඔවුන්ට පුළුවන් පක්ෂ සංවිධාන කාර්යාලයක් හරහා මුදල් පරිත්‍යාග කරන්න , එතකොට මුදල් හෝ චෙක්පත් භාරගත් තැනැත්තා ඔහුට කුවිතාන්සියක් දිය යුතුය, මෙම මුදල් ප්‍රධානය ගැන පක්ෂයේ සහ සමාගමේ මුල්‍ය වාර්තා වල සදහන් විය යුතුය, මේ කියන විදිහට චෙක් පත පුද්ගලිකවම ලබගෙන චෙක්පත පක්ෂයේ ගිණුමකට නොදමා තෙවෙනි පක්ෂයක් ලවා මාරු කරගෙන මුදල් සාක්කුවේ දමාගැනීම වැටෙන්නේ අල්ලස් ගණයට බව උගත් පෙරකදෝරු මහත්මයකු වන ඔබට නොතේරෙන්නේ කොහොමද ? මෙම සිද්ධිය බටහිර රටක සිදුවුනනම් , වෙන්නේ ඔබතුමාට අනිවාර්යයෙන් හිරේ යන්න , ජීවිතාන්තය දක්වා පෙරකදෝරු මහතෙක් ලෙස සේවය කිරීමත් ඔබට තහනම් වෙනවා , මන්ත්‍රී පට්ටමත් අහෝසිවෙනවා .
තනකොල ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න.....
අනේ, විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැව්වා නම් ඇලෝසියස් අපේ දයාසිරි මහත්තයට කවන එක මොකක්ද? කමක් නැත. අපි බුද්ධිමත් ඡන්දදායකයෝ.
අල්ලසට වැඩිය බරපතල වැරැද්ද තමයි ලැජ්ජාවක් නැතුව කතා කිරීම. ඒකට ලොකු දඩුවමක් ලැබිය යුතුයි මෙච්චර මහත්මා ගතිගුණ තියෙන ලෝකෙක.
බලාගෙන ගියහම ඔක්කොම කියලා තිබෙන්නේ බොරු
අනේ පව් දැනුයි චූටි බබාට සල්ලි ගත්තා කියලා මතක් වෙලා තියෙන්නේ