අජන්ත කුමාර අගලකඩ
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (30) ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන අන්දමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන් සහ රජයේ බැංකු කිහිපයකම ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිය යුතු බදු මුදල් දැනට ගෙවනු ලබන්නේ එම ආයතන විසිනි.
මෙය අසාධාරණ බවත් එමගින් රජයේ අනෙකුත් සේවකයින්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් ඇමති මංගල සමරවීර මහතා ජනාධිපති කර්යාලයේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර මෑතදී සම්මත කරන ලද බදු සංශෝධන පනත සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ළමා ඉතිරි කිරීම් වලින් අය කරන බදු ඉවත් කිරීමටත් මැති ඇමතිවරුන්ගේ අමතර දීමනා සඳහා පනවා ඇති බදු යලි සංශෝධනය කිරීමටත් තීරණය වී ඇතැයි වාර්තා වේ.
මෙහිදි අදහස් දැක්වා ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ඉහළ නිලධාරීන්ට වාහන ආදී සහන දී තිබෙන්නේ ඔවූන්ගේ කටයුතු පහසු කිරීමට බැවින් එය ආදායමක් ලෙස සලකා කටයුතු කිරීම සාධාරන නොවන බව පවසා දැනගන්නට තිබේ.
එමෙන්ම මැති ඇමතිවරුන් ගරු මැති ඇමතිවරුන් ලෙස සලකන්නේ ඔවුන් වැටප් ලබන පිරිසක් නොවන නිසා බවත් ඔවුන්ට දීමනාවක් මිස වැටුපක් නොගෙවන බවත් ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට බැරි වුනානේ දේශපාලන විජ්ජාව ඉගෙන ගන්න. සුර සැප තමයි අපිට එහෙමනම්. මහන්සියෙන් හම්බකරන අපිට ඕනේ තරම් බදු ගහන්න පුළුවන් මේ කට්ටියට.
සෑම රටවැසියෙකුම ඒ ඒකාකාරයට සැලකිය යුතු වන නිසා මෙම සංශෝධනය සැවොම පිළිගත යුතුවේ.
මේ ලෑස්ති වෙන්නේ දේසපාලුවන් බදු අය නොකර ඉන්නද?
මැති ඇමතින්ට වැටුපක් නොවේ. දීමනාවක් දෙන්නේ. ඒ කතාවේ තේරුම මොකක්ද. දෙන දීමනා නතර කර වැටුපක් දී බදුවලට කැපෙන විදියට වැඩ කරන්න. පුදුම දීමනා දෙන්නේ.
කරුණාකර මේ පනතේ හිඟ වැටුප් ගෙවන විට හිඟ වැටුප සමග ඒ ඒ මාසේ අයවිය යුතු බදු මුදල මිස සියල්ල එක්වූ විට "ආයතන අධ්‍යක්ෂ වරයෙකුට සමාන සුපිරි පඩියක් ගන්නවා සේ සලකා" වැඩි ප්‍රතිශතයකින් බදු ගණනය කිරීම බලවත් අසාධාරණයකි. හිඟ වැටුප් නිසා අපහසුවෙන් සිටි සේවකයාගේ පඩිය නැවත ලැබෙනවිට සතුටු විම නොව ආන්ඩුවට දෙස් දෙවොල් තැබීමට මේ නිසා දැන් සමහර සේවකයන්ට සිදුව ඇත.
පුද්ගලීක අංශයේ සේවය කරන සේවකයින් උපයන විට ගෙවීම් බදු ගෙවන්නේ තමන් උපයන වැටුපෙන් නම් රජයේ සේවකයින්, රජයේ බැංකු නිලධාරීන් වෙනුවෙන් එම ආයතන එම බදු ගෙවන්නේ කොහොමද?
දීමනා ලබන අයට වසර පහකට පසු විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ කොහොමදකියාලත් කියනවද
දීමනාවලට විශ්‍රාම වැටුප් ගෙවනවද? පොදුමහජනයා මෝඩයෝද?
මේ බදු වැඩේ පටන්ගන්න කොට කිවේ හැමෝටම එක වගේ සලකනවා කියලනේ. එහෙනම් සමාන්‍ය ජනතාවගේ බදුත් අඩුකරන්න. ඒක ඡන්දෙටත් හොඳින් බලපාවි.
රටේ ජනාධිපති ඉදන් සියලු දෙනාම පලමුව බදු පනත කියවිය යුතුයි. ජනපති වුවත් මංත්‍රී වුනත් කවූරු වුනත් උපයන්නෝ හා ලබන්නෝ සියලු දේ සදහා බදු ගෙවිය යුතුය. අපි බදු ගෙවන්නේ පඩිය දීමනා අමතර ලැබීම් එකතුවටය. නිවස හෝ වාහන ලබාදී ඇත්තම් එම පහසුකමටද වටිනාකමක් දී බදු ගෙවිය යුතුය.
දේශපාලකයන්ට බදු නැද්ද මම දන්නේ නැති නිසා අහන්නේ ??
දෙන්නේ දීමනාවක් නම් කොහොමද අවුරුදු 5 ක් පාර්ලිමේන්තුවේ හිටපුවහම ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප් දෙන්නේ?
එහෙනම් දීමනාවකට කොහොම කොයි රටේද විශ්‍රාම වැටුපක් ගෙවන්නේ?
ගරු මන්ත්‍රීවරු ලබන්නේ වැටුපක් නොව, දීමනාවක් නම්, විශ්‍රාම වැටුප් කුමටද? දේශපාලකයිනි, ජනතාව වන අප ඔබව පත් කළේ අප වෙනුවෙන් රටේ පොදු කටයුතු කළමනාකරණය සඳහා මිස, සැප ලැබීමට නොවේ. ජනතාව වෙත නීති පණවන විට ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් එම නීති ඔබටත් අදාළ විය යුතු බවයි.
මොන විකාර කතාද මේ මැති ඇමතිවරුන්ට ගෙවන්නේ දීමනාවක් මිස වැටුපක් නොවේ ඒ අයට දීමනාවක් නම් ගෙවන්නේ ඒ අය කොහොමද විශ්‍රාම වැටුපක් ලබන්නේ අවුරුදු 5ක් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය නම් විශ්‍රාම වැටුප ලබන්න හිමිකම් කාරයෝ වෙනවා මේක මහා පුදුම රටක් නේ. මේ අය රට හදන්නද ඇවිල්ල ඉන්නේ
මේක දැක්කම හිනා යනවා."මැති ඇමතිවරුන්ගේ අමතර දීමනා සඳහා පනවා ඇති බදු යලි සංශෝධනය කිරීමටත් තීරණය වී ඇතැයි වාර්තා වේ". ඇයි ඒවා සල්ලි නෙවෙයිද? අනිත් අයගේ බදු පනවනවා හෝ ඉවත් කරනවා.මෙයාලට සංශෝධනය කරනවා.කෙලින් කියන්න බයද බදු ඉවත් කරනවා කියල, බදුවලින් කැළඹිලා ඉන්න මැති ඇමතිවරු සන්සුන් කරගන්නවා කියල.
මැති ඇමතිවරුන්ට ලැබෙන්නේ දීමනාවක් නම්, ඔවුන් අවුරුදු 5ක් සම්පූර්ණ කල විට විශ්‍රාම වැටුපක් ගෙවන්නේ ඇයි? මේවට තමයි කියන්නෙ කන්න හිතුනම කබරගොයා තලගොයා කරගන්නවා කියලා.
පනත හොඳයි. හරියට බදු අයකරන්න, එම බදු මුදල් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන්න.
හොද තීරණයක් තව රාජ්‍ය අංශයේ ගොඩක් ආයතන තියෙනවා ඔය වැඩේම කරන. තව එකක් අවුරුදු 5 කින් දේශපාලකයින්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට අදාල විශ්‍රාම වැටුප කපා දැමීම ඉතාම අවශ්‍ය දෙයක්. අවුරුදු 5 ක් හොරකම් කරලා කොහොමද ජනතාවගේ සල්ලිවලින් විශ්‍රාම යන්නේ ඒ අය මොනවා රටට කරලද. පුද්ගලික අංශයේ අවුරුදු 25 ක් 30 ක් වැඩකරලා එත් නැහැ විශ්‍රාම වැටුපක්. අන්තිමට EPF එකටත් බදු ගහනවා
ලැබෙන පොලියත් වැටුපක් නොවන බැවින් එයින්ද බදු ගැසීම නවතා දැමිය යුතුය එසේම සියලුම රැකියා කරන අයට මූලික වැටුපට අමතරව ලැබෙන දීමනා වලට බදු නොගැසිය යුතුය. දෙසපාලුවන්ගේ දීමනාවට බදු සහන දෙනවානම් මහජනයාටත් එය ලැබිය යුතුය..
අපේ දේශපාලුවෝ දීමනාත් ලබනවා, වැටුප් ලබනවා, ගමන් ගාස්තු, පාර්ලිමේන්තුවේ ලාබෙට කෑම, තව අර දීමනා මේ දීමනා ටැක්ස් නොමිලේ වාහන කොමිස් මෙකි නොකී සියලු දේ නමුත් මේ අය ගරු
මට දැනගන්න ලැබුනා රජයේ සේවකයින් විශ්‍රාම ලබනවිට ගෙවන ලක්ෂ 20 ට වැඩි පාරිතෝෂිතයෙනුත් බදු අයකරනවා කියලා. එය ඉහල නිළධාරීන් අරමුණු කරලා කලා වෙන්න පුලුවන්. නමුත් එලෙස ගෙවන මුදල ආපසු අයකරනවා. එය නොදන්න අය රාජ්‍ය සේවයට සුදුසුද කියල හිතෙනවා.