(මනෝප‍්‍රිය ගුණසේකර)
කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රජයේ කාර්යාල වල ඇති ලිපි ලේඛන ඉල්ලූ අවස්ථාවේ දී ඉඩම් අමාත්‍යංශය මේ බව දැනුම් දුන් බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශය දැනුම් දුන් බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනි වගේ දියවෙලා යන්න ඇති. වැඩේ ගොඩ වගේ... මහජන පොදු මුදල් විනාශ කළ තවත් කෙනෙක් එලියට එන පෙරනිමිති පහළවෙන ලකුණු දැකගත හැකිය.
අල්ලස් ගන්නකොට අතටම අහුවුනා. සාක්ෂි ඕනෑ තරම් තියෙද්දි තවත් ලේඛන හොය හොයා කල්මරන්නේ මොකටද ? වෙන රටකනම් දඩුවම් දීලත් ඉවරයි. තව ටිකක් ඇතුලේ හිටියාම ඇප දෙයි. කාලයක් ඇදගෙන යයි ඊට පස්සේ. රටට දෙයියන්ගෙම පිහිටයි.
වෙන්න බැහැ..... කාගෙ හරි කැබිනට් එකක් ඇතුලේ ඇති හොයල බලන්න. ඉඩම් අමාත්‍යංශයේ එක කැබිනට්එකක්වත් නැද්ද?
ඉඩම් අමාත්‍යංශයට ලේඛන භාරගත් බවට ඇති ලියවිලි පරීක්ෂා කරන්න. එතනින් වගකිවයුත්තන් සොයාගෙන ලේඛන අතුරුදහන් කිරීම සම්බන්දව අදාළ තැනැත්තන්ට නිසි දඩුවම් දී ප්‍රශ්නය නිරාකරණය කරගන්න....
ලේඛන නැත. CCTV කැමරා පින්තූර නැත .බොරු නඩු දැම්මට පොලිසියට නඩු දමන්න ඕන . හා හා කල වරෙන්කො . කොහොමද ග්‍රසේගේ මොලේ
පෙනෙන විදිහට යාළුවන් දෙන්නා හදලා තිබෙන්නේ එම්. ජී. සුගර් පුද්ගලික සමාගම රවටන්න නැතිනම් කැබිනට් එක ඇතුලේ ඉන්න කස්ටියත් බේරන්න කොල ටික හංගලා ඇති. යාලුවනේ අහු වුණ එක කොරන්න දෙයක් නැත එත් රටට සේවයක් කොරන්න පුළුවන් වැඩේට සම්බන්ද කැබිනට් යාළුවො කවද? කැබිනට් එකයි ඔබ දෙදෙනා සම්බන්ද කොරන මන්ත්‍රි ගොයියලා කවුද? කියලා පෙන්නුවොත්. එහෙම කෙරුවොත් කියන්න පුළුවන් යන යකා කොරහ බිඳගෙන ගියා කියලා
පැරණි රජකාලේ දඬුවම් තමා මෙයාලට දෙන්න ඕනේ. ගෝල් පෙස් ගෙනිහිල්ලා ප්‍රසිද්දියේ ගල් ගහල දස වද දුන්නනම් කියයි ඔක්කොම ලිපිගොනු තියන තැන , ගත්තු අනිකුත් පගාවල් ගැන , තව තෝරු මෝරු කියක් ඔය දැලේ ඉන්නවද කියල. මේ වගේ පට්ට හොරුන්ට ෂේප් වෙලා යන්න ඉඩදුන්නොත් එහෙම කරන උදවියටත් ඉහතකී දඬුවම තමා දෙන්න ඕනේ.
අවසානෙට වගකිවුත්තෝ කියන්නේ මොකක්ද දන්නවද?මේක ණයට ගත්තු මුදලක් ආපහු දෙනකොට අල්ලාගත්තේ කියල කියාවි.
අල්ලස්ගත් අයගේ ගෙදර කැබිනෙට්ටුව පරීක්ෂා කර බලන්න
මේකෙන් බේරෙන්න ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට කියන්න පුළුවන් එයාගේ විශ්‍රාම වාහන බලපත්‍රය විකුණලා ගත්ත සල්ලි කෝටි දෙක තමයි ගණන් කරලා බාරගත්තේ කියලා.
මට පෙනෙන විදිහට මේක සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ බලගතු කෙනෙක් , මේ අල්ලාගෙන තිබෙන්නේ බැල මෙහෙවර කරන අතවැසියෝ දෙන්නෙක් , මේකේ වීඩියෝ පටිය පොලිසියට දෙන්න හෝටලය බය නැතිව මගහරින්නේ මොකක හරි ලොකු ශක්තියක් මේ පිටුපස ඇත.
මේ සිද්ධිය කාලාන්තරයක් තිස්සේ වෙන සිද්ධි දාමයක තවත් එක් සිද්ධියක් පමණයි. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් දවසේ ඉදලාම ඌණ සංවර්ධිත රටක් වෙලා තියන තිත්ත ඇත්ත තමයි මේ. මේ දූෂිත නිලධාරින් ඇතිවෙලා තියන මුලු ක්‍රමවේදයම වෙනස්විය යුතුයි. දේශපාලකයින් මේතරම් දූෂිත වෙලා තියෙන්නේ රටේ පරිපාලන රටාවයි. ජනතාව මේක අවබෝධ කරගෙනයි ඉන්නේ. නූගත් වංචනික දේශපාලකයින් සමූහයට රට විනාශ කරන්න අවශ්‍ය කරන මාර්ගය පාදා දෙන්නේ උපදෙස් දෙන්නේ, බත් බැලකම් කරන්නේ පරිපාලන සේවයයි. ඔවුන්දේශපාලකයින්ගේ අතකොලු වෙලා ඉන්න ගමන් දේශපාලකයින් අන්දාගෙන තම තමන්ගේ මඩි තර කර ගැනීම තත්වයට මුලයි. මේ කට්ටිය හිරගෙදර ගියත් අත්දෙක උස්සලා ජයග්‍රාහී ගමණක් යන ආකාරයට ජනතාවට මුකුලු පාන්නේ මේ දූෂිත දේශපාලකයින් මොවුන්ව කෙසේ හෝ බේරා ගන්න නිසයි.
මේවට රන්ජන් රාමනායක නිහඩයි... රන්ජනුත් කරන්නේ බොරුව...