නිදහස් දිනයට ගාල්ලේ ගමනාගමනය වෙනස් වෙයි 70 වැනි නිදහස් උළෙල සැමරීම සදහා පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් උත්සවය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අභියසදී හෙට(04) පෙරවරු 8.00 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිලධාරී සහන් හේවා ගමගේ මහතා පවසයි. 03 February 2018
පාසල් දරුවන්ට මදන මෝදක අළෙවි කළ අයෙක් දැළේ පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කර ගනිමින් මදන මෝදක ගුලි අලෙවි කිරීමේ නිරත වූ ව්‍යාපාරිකයකු අද (03) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි. 03 February 2018
මාදම්පේ කෘතිම රා නිෂ්පාදනාගාරයක් අල්ලයි මාදම්පේ මැදගම ප්‍රදේශයේ කෘතිම රා නිෂ්පදනය කරන ස්කාගරයක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවය ගෙන ඇත. 02 February 2018
ගිණි අවි ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට දංකොටුව මෝරුක්කුලිය රන්තරු මාවතේ පිහිටි බැකෝ යන්ත්‍ර අලුත් වැඩියා කරන ගරාජයක හෙරොයින් මත් කුඩු වැටලීමක් සිදුකරන අවස්ථාවේ එහි තිබී අකී‍්‍රය තත්වයේ පැවති රිපීටර්යක් , පිස්තෝලයක් , උන්ඩ 04 ක් සහ කඩුවක් සමඟ එක් සකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව සුරාබදු කාර්ය්යාලයේ නිලධාරීන් සමත්වී ඇත. 01 February 2018
හක් බෙල්ලං 750 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මිළ කළ නොහැකි වටිනාකමින් යුතු විශ්කම්භය මිලිමීටර 70 ට අඩු හක් බෙල්ලං 750 ක් තමා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය ආණවාසල කළපුතීරයේ දී අද (1) දින කල්පිටිය විජය නාවුක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත. 01 February 2018
හිසට සෙවනක් නැති පවුලකට වන අලි ප්‍රහාරයක් වන අලියකු පහරදීමෙන් එකම පවුලේ පියා (45) මියගොස් මව සහ දියණිය තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි. 01 February 2018
සෝමාවතීයේ දැව ඉරු පුද්ගලයෝ 4 ක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි මලල්ආරු කොටසේ කුඹුක් ගස් ඇතුළු වටිනා දැව වර්ග කපා ඉරමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු ඉරන ලද 01 February 2018
ඇල්පිටියෙන් අපරාධ කල්ලි සාමාජිකයින් 4ක් අත්අඩංගුවට ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කරමින් මිනිමැරුම් ඇතුලු අපරාධ වල නිරත අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙක් ගිනි අවි දෙකක් හා සහ කඩු 4 ක් සමඟ අද (31) විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි. 31 January 2018
ඌව මහ ඇමැතිට එරෙහිව උද්ඝෝෂණයක් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක මහතාට එරෙහිව කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් අද (31) හැටන් මල්ලිඅප්පු මංසන්ධියෙදි උද්ඝෝෂණයක නිරත වෙති. 31 January 2018
කාසල්රී ජලාශයේ කාන්තා මළ සිරුරක් කාසල්රි ජලාශයේ වේල්ල අසල අධි ආරක්ෂිත කලාපයේ ජලාශය මධ්‍යයේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුර අද (31) සොයා ගත් බව හැටන් පොලිසිය පවසයි. 31 January 2018
දංකොටුව පොලිස් මෙහෙයුමකින් 30 අත්අඩංගුවට පොලිස්පතිගේ නියෝග මත දංකොටුව පොලීසිය මගින් ඊයේ (30) රාත්‍රී 11.00 සිට අද (31) අලුයම 3.00 දක්වා කරන ලද මෙහෙයුමකින් බීමත්ව රියපැදවූ රියදුරන් 10 ක් සහ රියදුරු බලපත්‍ර නොමැතිව 31 January 2018
ඌව මහ ඇමැතිට එරෙහිව හැටන් ගුරුවරු පාරට බසිති ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් බදුල්ල ද්‍රවිඩ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමට විරෝධය පල කරමින් හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් පිරිසක් අද සවස හැටන් නගරයේදී විරෝධතාවක් පැවැතවූහ. 30 January 2018
හමංගොඩ දී දෙදරු පියෙක් කපා ඝාතනය කරලා කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් හමංගොඩ ප්‍රදේශයේ දී 32 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි. 30 January 2018
මැල්සිරිපුර - ඹමාරගොල්ල අතර අනතුරු 3 ක් දඹුල්ල කුරුණැගල (ඒ 6) ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර හා ඹමාරගොල්ල ප්‍රදේශයේදී පැය කිහිපයකදී ස්ථාන තුනකදි සිදුවු ලොරි රථ අනතුරු තුනකින් පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 30 January 2018
අබලන් පාපැදිය ත්‍රීවිලයක ගැටීමෙන් පුද්ගලයෙකු මරණයට දෙල්තොට වාඩියගොඩ මාර්ගයේ අධික බෑවුම් සහිත කොටසක් වන මොට්ටාව ප්‍රදේශයේදි පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු පාපැදියේ තිරිංග අක්‍රිය වීමෙන් වේගය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම ස්ථානයේදීම අද (29) මිය ගොස් තිබේ. 29 January 2018
පොලිස් වෙඩි පහරින් මැරුණු තරුණයාගේ නිවසට මුල්ගල කතරගම ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පතිරණගේ රොෂාන් නැමති තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට දරුවාට ඉදිකරන නිවසේ වැඩ කටයුතු ආරම්භ කිරිම සඳහා මුල්ගල තැබීම සිදු කැරිණි. 29 January 2018
උතුරු නැ’හිර වී රජයේ මිලට ගැනීම අරඹයි මෙවර මහකන්නයේ වී අස්වැන්න උතුරු නැගෙනහිර පළාතේ සියලුම ගොවීන්ගේ වී රජය විසින් මිලදී ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවට ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් අමාත්‍ය වරයා අද (29) කියා සිටියේය. 29 January 2018
රත්මලේ දී පහර දීමකින් අයෙක් මරුට මින්නේරිය, රොට වැව, පුරාණ රත්මලේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු මරුමුවට පත් වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 29 January 2018
විදේශිකයා හරිතාගාරයකට මුවාවී ගංජා වවයි හරිතාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් භූමියක කර තිබූ ගංජා වගාවක් වටලා ගංජා ගසක් ගංජා ග්‍රෑම් 18 ක් සහ විදේශීය රටකින් ගෙන්වල ලද ගංජා බීජ පැකට් දෙකක් සමග ජර්මන් ජාතිකයෙකු හබරාදුව කොක්වත්තේදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 28 January 2018
නිවුන් අලි පැටව් දෙන්නා මරුට නැගෙනහිර වනජීවී කලාපයේ මාදුරුඔය ජාතික වන උද්‍යානයේදි පනිජ්ජාඔය ප්‍රදේශයේදි ඇතින්නියක විසින් නිවුන් අලි පැටව් දෙන්නෙකු බිහිකරනු ලැබ තිබේ. 28 January 2018
අපයෝජන සැකකරු වසර තුනකට පසු කොටුවෙයි වසර තුනකට පෙර දන්කොටුව ගෝනවිල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසැල් දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 January 2018
හම්බන්තොට පන්සලක ඉපැරණි බුදුපිළිම සොරාගෙන හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේ බුදුගෙයි තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුතු කුඩා බුදු පිළිම කිහිපයක් සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමියෝ අද හම්බන්තොට පොලිසියට පැමිණිලි කළහ. 28 January 2018
කම්බි වැටක ගැටී යතුරුපැදිකරු මරුට පාදුක්ක වේරගල - මාහිංගල මාර්ගයේ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කම්බි වැටක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත. 28 January 2018
භූමිතෙල් සීමා කිරීමෙන් මුහුදු යාමට බාධා ඉන්දන පිරවුම් හල් වලින් භූමිතෙල් ලබා දීම සීමා කිරීමත් සමග එක් දින ධීවර යාත්‍රා මගින් මුහුදු යන ධීවරයන්ට තම රැකියාව කර ගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවරයෝ පවසති. 27 January 2018
කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින් ගාල්ල නාගරිකයේ කසල කළමනාකරණය කිරීම සදහා ඉන්දීය සමාගමක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට පරිත්‍යාග කෙරුණු කසල දහන යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ගාල්ල නගර සභාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු විය 27 January 2018
මෝටර් රථය අඩි 75 ක් ප්‍රපාතයට බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හල්දුම්මුල්ල ඌවතැන්නේදී බදුල්ල සිට පානදුරේ දක්වා ධාවනය වෙමින ්තිබ් මෝටර් රථයක් අද (27)උදේ 7-30 ටපමණ අඩි 75 ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි . 27 January 2018
රත්නපුර කසල බැහැරකරන ස්ථානයේ ඇතිවූ ගින්න නිවා දමයි රත්නපුර කනාදොළ පිහිටි රත්නපුර මහ නගර සභාවේ කසළ බැහැරකිරීමේ හා කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්රැස් කර තිබූ ටොන් හාරසියක් ඉක්මවූ කුණු කන්දේ පැතිරයමින් තිබූ ගින්න නිවීමේ කටයුතු අද (25) ආරම්භ කර තිබේ. 26 January 2018
නීති විරෝධී ලෙස පස් කැපූ යන්ත්‍ර සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට වීරකැටිය , උඩයාල - අගුණකොළපෑලැස්ස මාර්ගයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 03 ක් හා උඩයාල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නීති විරෝධීව පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයක් වීරකැටිය පොලිසියේ නිළධාරීන් කන්ඩායමක් අද (26) අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලීසිය පවසයි. 26 January 2018
සිසුවියක් ලංගම රියට බිලිවෙයි පාසල නිමවී නිවස බලා යමින් සිටි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ උසස් පෙල අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බටපොල පොල්ලෑව ප්‍රදේශයේදී අද (26) තමන් පැමිණි ලංගම බස් රථයට යටවී මිය ගොස් ඇතැයි බටපොල පොලිසිය පවසයි. 26 January 2018
ඌව රෝහල්වල වැඩවර්ජනයක් ඌව පළාත් සභාවට අයත් රෝහල්වල සේවය කරන සේවකයින්ට ඉකුත් වසරේ දෙසැම්බර් මස සේවය කළ අතිකාල හා නිවාඩු දින සදහා ගෙවිය යුතු දීමනා මේ වන තුරුත් නොගෙවීමට විරෝධය දක්වමින් ඌව පළාත් සභාවට අයත් රෝහල් ගණනාවක සේවක සේවිකාවෝ පිරිසක් අද (25) උදෑසන සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. 26 January 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025