චන්ද්‍ර සේන ගමගේ
වීරකැටිය , උඩයාල - අගුණකොළපෑලැස්ස මාර්ගයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 03 ක් හා උඩයාල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නීති විරෝධීව පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයක් වීරකැටිය පොලිසියේ නිළධාරීන් කන්ඩායමක් අද (26) අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වීරකැටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.රසික සම්පත් මහතාගේ නියෝග මත මෙම වැටලීම සිදු කළ බවත් එහිදී ටිපර් රථ රියදුරන් 03 දෙනෙකු හා බැකෝ යන්ත්‍ර ක්‍රියා කරුද අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගණු ලැබු ටිපර් රථ 03 හා බැකෝ යන්ත්‍රයත් සැක කරුවන් 04 දෙනාත් හෙට දින වලස්මුල්ල මහේස්ත්‍රාත් වරයා හමුවට පමුණවන බව පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd