(පී.ඒ.ගාර්දිවසම්)
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
අක්කර 10ක් පමණ විශාල මුල්ගිරිගල දකුණ කජ්ජුගහහේන නමැති මෙම පාලු ඉඩමේ අක්කර කාලක පමණ ගංජා වගා කර තිබූ බවත් ගංජා පැල අඩි 01 සිට 04දක්වා උසට වැඩී තිබුණු බවත් පොලිසිය පවසයි .
සැකකරු විතාරන්දෙනිය කුඩා බැදිගම පදිංචි 53 හැවිරිදි ගොවියෙකි. ඔහු අද (18)වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.