(රෝවන් පෙරේරා)
වන අලියකු පහරදීමෙන් එකම පවුලේ පියා (45) මියගොස් මව සහ දියණිය තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
මොවුන්ට පදිංචි වීමට නිවසක් නොමැතිකම හේතුවෙන් පොදු කටයුතු සදහා ඉදිකරන ලද ගොඩනැගිල්ලක ජීවත් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
අද(01) අලුයම 4.00ට වන අලියකු ඔවුන් සිටි ගොඩනැගිල්ලට පහරදී ඇති අතර ඉන් බේරීමට ඔවුන් අසල නිවසක් වෙත දිවගොස් තිබේ.එහිදි ඔවුන් පහරදීමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දුප්පත් අහිංසක මිනිසුන්ට කාගේ පිලිසරණක්ද? අද නගරබදව ජීවත් වෙන බොහෝ දෙනාට ඇත්තේ මෙවැනි අහිංසක මිනිසුන් ගැන නොව, වල් අලින් ගැන කැක්කුමක් පමණයි.
දල ඇත්තු ගැන අඩලා දොඩලා, දාන දුන්න අය කෝ? මේ අහිංසකයන්ට කාගෙවත් පිලිසරණක් නැද්ද? නගරවල අය දන්නෙ නෑ මේ මිනිස්සු කොයි තරම් අලින්ගෙන් බැට කනවද කියල. ආණ්ඩුවෙන් කිසිම පිලියමක් නෑ.
වන අලි තර්ජන තියන පළාත්වල මිනිස්සු ඉවත් කරන්න වැඩ පිළිවෙලක් හැදුවොත් නරකද දේශපාලකයිනේ