(ක.ග කරුණාරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි මලල්ආරු කොටසේ කුඹුක් ගස් ඇතුළු වටිනා දැව වර්ග කපා ඉරමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු ඉරන ලද දැව තොගයක් සහ යාන්ත්‍රික කියතක් ඇතුළු උපකරණ සමඟ අද (1) අළුයම අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
සැකකරුවන් පඹුරාන, මහාතලාකොළ වැව, අක්බාර්පුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ රහසිගත ලෙස මෙම දැව ජාවාරම සිදු කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd