( අහංගම සුමතිපාල දීයගහගේ)
හරිතාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් භූමියක කර තිබූ ගංජා වගාවක් වටලා ගංජා ගසක් ගංජා ග්‍රෑම් 18 ක් සහ විදේශීය රටකින් ගෙන්වල ලද ගංජා බීජ පැකට් දෙකක් සමග ජර්මන් ජාතිකයෙකු හබරාදුව කොක්වත්තේදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම ගංජා වගාවේ තිබූ අගල් 10 ක් උස ගංජා ගසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තවත් ගංජා ගස් කීපයක් කපා ඉවත්කර ඇති බවද අනාවරනයවී ඇත. මිට මාස කීපයකට පෙර මෙම විදේශිකයා හබරාදුව කොක්වත්ත ප්‍රදේශයෙන් සංචාරක හෝටලයක් කුලියට ගෙන එහි හරිතාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන් පිටරටින් ගංජා බීජ ගෙන්වා මෙහි වගාකර ඇති බවද පොලිසිය පැවසීය.
සැකකරු අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි හුඟක් විදේශිකයන් අපේ රටට වෙලා ඉන්නේ .
මේ ගංජා ගහකට උසාවි ගෙනියන්න තරම් පිස්සුද අක්කර ගණන් වගාකරන මිනිසු නිදහස්වෙන රටේ සුරුට්ටුවක් බොන මිනිහ අවුරුදුගානක් කුඩුවට දාන්නතරම් පොලිසිය හරිම නීතිගරුකවෙලා
ගංජා එතරම් අහිතකර දෙයක් නොවේ. ප්‍රශ්නය මෙය ශ්‍රී ලංකාව තුල නීතිවිරෝධී දෙයක් වීම.
බණ්ඩාර වෙත : ඔයා ජර්මනියට ගිහින් ගංජා වගා කරලා බලන්න ඔයාට මොනවද වෙන්නේ කියල එහෙමත් නැත්තම් ජර්මන් තානාපතිගෙන් අහන්න.