(ජුඩ් සමන්ත)
පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කර ගනිමින් මදන මෝදක ගුලි අලෙවි කිරීමේ නිරත වූ ව්‍යාපාරිකයකු අද (03) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි.
සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයේ තිබී මදන මෝදක ගුලි 150 ක් පොලිස් බාරයට ගෙන ඇත.
මාරවිල නගරයේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානය මීට පෙර අවස්ථා කීපයකදීම වටලා ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
එම ගුලි රුපියල් 50කට මිලදී ගෙන ගෙන ඒවා නැවත ඇසුරුම් කර රුපියල් 150 බැගින් අලෙවි කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd