IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිදහස් දිනයට ගාල්ලේ ගමනාගමනය වෙනස් වෙයි

(අමල් වික්‍රමරත්න)

70 වැනි නිදහස් උළෙල සැමරීම සදහා පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් උත්සවය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අභියසදී හෙට(04) පෙරවරු 8.00  පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි  ගාල්ල දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිලධාරී සහන් හේවා ගමගේ මහතා පවසයි.

මේ හේතුවෙන් පෙරහුරු දිනය පැවැත්වෙන අද(03) සහ හෙට (04) ගාලු නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

ඒ අනුව හෙට පෙ.ව 7.00 සිට 11.00 දක්වා පමණක් කොළඹ සිට මාතර දක්වා ගාලු පාර භාවිතා කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම කාලය තුළ ගාලු නගරය හරහා මාතර දෙසට ගමන් ගන්නා විශාල බව්සර් රථ, කන්ටේනර් රථ,ස්කැමර් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන්කළ නොහැකි බැවින් බුස්ස සහ මහමෝදර ප්‍රදේශයේදී නතරකර තබනු ඇත.

කොළඹ දෙසින් පැමිණෙන සෙසු වාහනවලට ගාල්ල දුම්රිය ස්ථානය අසලින් වමට හරවා බස් නැවතුම මගහැර ගාමිණි මාවත ඔස්සේ පොලිස් ස්ථානය ඉදිරිපිටින් මාතර දෙසට ගමන් කිරීමට සිදුවෙනු ඇත.

මාතර දෙසින් පැමිණෙන වාහන ගාල්ල රණවිරු ස්මාරකය අසලින් ක්‍රීඩාංගන වට රවුම ඔස්සේ දුම්රිය පල ඉදිරිපිටින් කොළඹ දෙසට ධාවනය කිරීමට සිදුවේ.



අදහස් (0)

නිදහස් දිනයට ගාල්ලේ ගමනාගමනය වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31533 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13872 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1077 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site