IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


භූමිතෙල් සීමා කිරීමෙන් මුහුදු යාමට බාධා


(රන්න චන්ද්‍රසේන ගමගේ)


ඉන්දන පිරවුම් හල් වලින්  භූමිතෙල් ලබා දීම සීමා කිරීමත් සමග එක් දින ධීවර යාත්‍රා මගින් මුහුදු යන ධීවරයන්ට තම රැකියාව කර ගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවරයෝ පවසති.


එක් දින යාත්‍රාවක් සදහා එක් ගමන් වාරයකට බූමිතෙල් ලීටර් 90 ට වැඩි ප්‍රමාණයක් යනවා. දින කිහිපයක සිට අපිට බූමිතෙල් ලබා දෙන්නේ ලීටර් 20ක් පමණයි. එම තෙල් ලීටර් 20 අපිට මුහුදට යන්නවත් මදි .මේ නිසා අපි දැන් දවස් දෙකක් තිස්සේ මුහුදු ගියේ නෑ.කළඹැටිය  ධීවරයෝ පවසති.


කළමැටිය ධීවර වරායට බූමිතෙල් සපයන පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ගෙන් බූමිතෙල් ණයට අරගෙන මුහුදු යනවා. මුහුදු ගිහින් ඇවිත් අපි ඒ ගණුදෙනු බේරනවා. දැන් අපිට ඉන්ධන් පිරිවුම් හල් ගානේ ත්‍රී වීල් හයර් කර ගෙන යන්න වෙලා .බූම්තෙල් ලීටර් 20 ක් ගේන්න ත්‍රී විල් එකක් හයර් කර ගෙන ගියාම අපිට ත්‍රී වීල් එකට රුපියල් 250 ක් ගෙවන්න සිදු වෙනවා.හැකි ඉක්මණින් ආණ්ඩුව මීට මැදිහත් වී මේ ප්‍රශ්නය විසදිය යුතුයි කළමැටිය ධීවරයෝ පවසති.


ඉන්දන පිරවුම් හල් වලින් බූමිතෙල් ලබා දීම සීමා කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කුඩාවැල්ල කළමැටිය  රැකව වැලිපටන්විල ආදී ධීවර වරායන් රැසක ධීවරයෝ මුහුදු යාමට නොහැකිව පීඩා විදිමින් සිටිති.
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැදවුම් කරු රත්න ගමගේ කළමැටිය ධීවර වරායට පැමිණ මාධ්‍ය වේදීන් අමතා පැවසුවේ ආණ්ඩුව විසින් ධීවරයන්ට බූමිතෙල් ලබා දීම සීමා කිරීම ධීවරයන් ට දැඩි ලෙස බලාපා ඇති බවත් තම රැකියාව බාධාවකින් තොරව කරගෙන යාම සදහා ආණ්ඩුව ඉදිරි පැය 48 තුළ පියවර නොගතහොත් ධීවර ජනතාව සමග එක් වී දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයත්ය.


ධීවර ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේ බස් රථ වලට බූමිතෙල් භාවිතා කිරීමට සමහර රියදුරන් පෙළඹීම නිසා ආණ්ඩුව භූමිතෙල් නිකුත් කිරීම සීමා කළ බවත් එහෙත් ධීවරයන්ට සිදු වූ අපහසු තාවය  විසදීම සදහා තමන් පියවර ගත් බවත්ය.


 



අදහස් (0)

භූමිතෙල් සීමා කිරීමෙන් මුහුදු යාමට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site