වීරකැටියේ තියණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනයට වීරකැටිය මාරකඩවල වේල්ල අසල මාර්ගයේදී අද(22) උදෑසන පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වීරකැටිය පොලිසිය පවසයි. 22 January 2018
බලපත් නැතිව වැලි ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට කිසිදු බලපතක් නොමැතිව වැලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හා එහි රියදුරාව ඊයේ (21) ලුණුවිල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 22 January 2018
හැටන් දික්ඔය ටිපර් රථ අනතුරක් හැටන් -නෝර්වුඩ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේදී අද (22) අලුයම ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් එහි රියදුරා හා රිය සහයක සුළු තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි. 22 January 2018
විශ්‍රාමික කත මරා දමලා පුත්තලම කොළඹ පාර තිල්අඩියේ නිවසක පදිංචිව සිටි 61 හැවරදි කාන්තාවක මරා දමා ඇතැයි පුත්තලම පොලිසිය පවසයි. 21 January 2018
බිරිය මැරූ සැමියා අත්අඩංගුවට බත් පිසින විදුලි උඳුනේ වයරයෙන් සිය බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කළ බව කියන සැමියකු (20) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි. 21 January 2018
ගොකරැල්ලේ රිය අනතුරින් අයියා - මලෝ මරුට දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල්(කන්ටේනර්) රථයක්, ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 21 January 2018
යතුරුපැදිය පෙරැළී ඇද වැටුණු කත මරුට බංගදෙණිය පල්ලම මාර්ගයේ කුමාරකට්ටුව එළිවිටය හංදිය අසල දී යතුරුපැදියක් පාර මැද පෙරැළි යාමෙන් එහි ආ කාන්තාවක අද (21) මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 21 January 2018
අලුත උපන් බිළිඳා වලට වීසි කරලා බිබිල රදලියද්දේ කාන්තාවක අලුත උපන් බිළිඳකු ගෙවත්තේ වළකට විසිකර තිබියදී අසල්වාසී කාන්තාවගේ දැනුම්දීමක් මත සොයාගත් බව බිබිල පොලිසිය කියයි. 20 January 2018
පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට - දෙදෙනෙක් රෝහලට මහනුවර බහිරවකන්ද පටුමගේ පැසේජ් ප්‍රදේශයේ බැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් ඊට යටවූ එක් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි මහනුවර පොලිසිය කියයි. 20 January 2018
මුදල් වංචාකළ ඉරාන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 28,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ගිය ඉරාන ජාතිකයින් දෙදෙනෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 January 2018
දකුණු පළාතට ළමා රෝහලක් යහපාලනයේදී වැඩි අවධානයක් යොමු කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට නොව මානව සම්පත දියුණු කිරීම කෙරෙහි බවත් ඒ සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන්හි දියුණුවට අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබාදෙන බවත් අද(19) කරාපිටියේදී දකුණු පළාත් ළමා රෝහලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 19 January 2018
දිස්ත්‍රික 5 ක පවුල් නියඟයෙන් පීඩාවට දිවයිනේ දිස්ත්‍රික්ක 5 කට බලපා ඇති නියඟය හේතුවෙන් පවුල් 80,983කට අයත් 2,57,125 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 January 2018
මංගලෝත්සවයට ගිය ගමන අවමංගල්‍යකින් නිමවේ රන්න කට්ටකඩුව වැවේ දිය නාමින් සිටි අයෙකු අද සවස දියේ ගිලී මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි. 19 January 2018
ගංජා ළඟ තබා ගත් යුද හමුදා සැරයන් රිමාන්ඩ් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සහ ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සැරයන්වරයකු කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 19 January 2018
මඩාටුගම අනතුරින් 5 කට තුවාල මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ රණව ප්‍රදේශයේදී අද (19) සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ පස් දෙනෙක් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 19 January 2018
රියදුරන් හයකට දඩ දැල්වෙමින් පවතින වර්ණ සංඥා සහ අනතුරු නාද නිකුත් වන අවස්ථාවේ දුම්රිය සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කළ රියදුරන් 6 දෙනෙකුට දඩ නියම කිරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද (19) නියම කළේය. 19 January 2018
මින්නේරියේ දී ඩිෆෙන්ඩරයක් බෝක්කුවේ පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරියට නුදුරුවදී අද (19) දහවල් ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් සහ අසල නිවෙසක තාප්පයක්ද කඩාගෙන අනතුරකට ලක්වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 19 January 2018
බිරියගෙන් සැමියාට කැති පහර සිය බිරිය කැත්තකින් හිසට කෙටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ඊයේ (18) රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි. 19 January 2018
ඇරැව්පොල නිවෙසකින් මළසිරුරක් හමුවෙයි පන්නල - නාරංගොඩ ඇරැව්පොල ප්‍රදේශයේ පිහිටි නිවෙසක් තුල අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (18) රාත්‍රී සොයාගත් බව පන්නල පොලීසිය කියයි. 18 January 2018
සරසවිඋයන සිසුන් වෙනත් පාසලකට යැවීම නවත්වයි පේරාදෙණිය සරසවිඋයන මහා විද්‍යාලයට පළමු ශේණිය සඳහා ඇතුළත් කර ගත් ළමුන් උඩ පේරාදෙණිය ආනන්ද විද්‍යාලයට ගෙන නොයන ලෙසත් සතියක් යන්නට පෙර එම ළමුන් සරසවි උයන විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. 18 January 2018
පස් කන්දකට යටවී දෙදෙනෙකු මරුට බලංගොඩ උඩගම විදුහලේ වැඩකරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු පස්කන්දකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 18 January 2018
පුරාවස්තු සොරකමකට සැලසුම් හැදූ 9කට දඩ පුරා වස්තු පැහැර ගැනීමේ අරමුණින් තලාව කුරුඳුවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා බිමක කැනීම් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවන් 5 දෙනකු සහ සැකකාරියන් 4 දෙනකු එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් 4,50,000ක දඩයක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීෂානී මහත්මිය අද (18) නියම කළාය. 18 January 2018
සෙවනගල පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කරයි සෙවනගල පොලිස් වසමේ කටුපිලගම උඩවලව වලවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් අද (18) අලුයම පැමිණි අයෙකු ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි සෙවනගල පොලිසිය පවසයි. 18 January 2018
ත්‍රී රෝද අනතුරින් කතකට බරපතලයි කලුගහකදුර පිටමාරුව මාර්ගයේ බෝගස්තැන්න ප්‍රදේශයේදී අද (18) උදෑසන 6.30 ට පමණ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලද බව පොලිසිය පවසයි. 18 January 2018
ලිදුල නගරයේ වෙළඳසල් දෙකක් ගිනිගනී ලිඳුල, මෙරායා නගරයේ අද (18) අලුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් ගින්නෙන් දැවී විනාශයට පත්ව තිබේ. 18 January 2018
කර්මය දඩයක්කරුටම කැරැකෙයි වන සතුන් ඝාතනය කිරිම සඳහා තමන් විසින්ම අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවිමෙන් 57 හැවිරිදි දඩයක්කරුවෙක් අද(17) පස්වරුවේදි මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 17 January 2018
කතක දූෂණය කර මරා දැමූ විත්තිකරුට මරණ දඬුවම මොනරාගල කුමාරදොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉතා දුෂණය කර ඝාතනය කළ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ප්රිති ඉනෝකා රණසිංහ මෙනවිය අද (17) මරණ දඩුවම් නියම කළාය. 17 January 2018
අනධ්‍යන සේවකයෝ විරෝධයක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෘත්තිය සමිති අතර සාකච්ඡාවී එකග වූ මෙතෙක් ලබානොදුන් වැටුප් විෂමතාවයන් සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එම පීඨය ඉදිරිපිටදී අද (17) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වූහ. 17 January 2018
ඌව ගුරු විභාග සමත්හු විද්‍යාරත්නට විරෝධය පාති ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව අද(17) පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ. 17 January 2018
ස්ටැඩන් වතුකම්කරුවෝ වර්ජනයක දැඩිව අබලන් තත්ත්වයේ පවතින හැටන් ස්ටැඩන් වතුයායේ වෙස්ටන් කොටසට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් යළිත් අද (17) වැඩ වර්ජනයක් ආරම්භ කළහ. 17 January 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025