(උපාලි ආනන්ද)

පුරා වස්තු පැහැර ගැනීමේ අරමුණින් තලාව කුරුඳුවැව ප‍්‍රදේශයේ පුරාවිද්‍යා බිමක කැනීම් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවන් 5 දෙනකු සහ සැකකාරියන් 4 දෙනකු එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව  ඔවුනට මුදලින් රුපියල් 4,50,000ක දඩයක් තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීෂානී මහත්මිය අද (18) නියම කළාය.

එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වෙන් වෙන් වශයෙන් දඩ නියම කෙරිණි.

මෙසේ දඩ  නියම වූයේ රාගම බටුවත්ත කාරංගොඩපාලූව ඞී ඒ කේ සුජිත් ප‍්‍රශාන්ත, ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව ටී ජී ඩබි ජී සෝමපාල, අනුරාධපුර කලත්තෑව කුරුන්දන්කුලම ඞී එමි අජිත් කුමාර දිසානායක, එප්පාවල සේනපුර අමුනුගම ජේ ගාමිණි රාජපක්ෂ, තලාව කුරුදුවැව  එමි වයලට්, ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව කේ කේ ජී විමලාවතී, අනුරාධපුර පුබුදුපුර එචි එමි අනුලාවතී,  ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව ජී බී ජී ගීතාජලී ස්වර්ණමාලි සහ එප්පාවල නබඩවැව ඒ තුෂාර ජයලත් ආරියදාස යන සැකකරුවන්ට සහ සැකකාරියන්ටය.