( නිශාන්ත කුමාර )
කලුගහකදුර පිටමාරුව මාර්ගයේ බෝගස්තැන්න ප්‍රදේශයේදී අද (18) උදෑසන 6.30 ට පමණ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලද බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තාවක් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකරනු ලැබ ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd