IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දිස්ත්‍රික 5 ක පවුල් නියඟයෙන් පීඩාවට

(ඩයනා උදයංගනී)
          
දිවයිනේ දිස්ත‍්‍රික්ක 5 කට බලපා ඇති නියඟය හේතුවෙන් පවුල් 80,983කට අයත් 2,57,125 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව යන මෙම දිස්ත‍්‍රික්කයන්ට මෙම තත්ත්වය බලපා ඇති අතර වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (19) දහවල් නිකුත් කළ තත්ත්ව වාර්තාවේ දැක්වේ. 

එම දිස්ත‍්‍රික්කයේ පවුල්  62,762කට අයත් 2,01,530 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 12,167කට අයත් 35,089 දෙනෙක්ද නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 2986කට අයත් 10,116 දෙනෙක්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1914කට අයත් 6063 දෙනෙක් සහ වව්නියාව දිස්ත‍්‍රික්කයේ පවුල් 1154කට අයත් 4327 දෙනෙක් ද පීඩාවට පත්ව සිටින බව එම වාර්තාවේ දැක්වේ.

පීඩාවට පත්වී සිටින්නන් සඳහා ජල බවුසර් හා ජල ටැංකි යොදාගෙන ජලය සැපයීම ඇතුළු සහන ලබාදීමේ වැඩපිළිවෙලක් දිස්ත‍්‍රික් ලේකම්වරුන් හරහා ක‍්‍රියාත්මක කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

දිස්ත්‍රික 5 ක පවුල් නියඟයෙන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site