IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්ටැඩන් වතුකම්කරුවෝ වර්ජනයක

(රංජිත් රාජපක්‍ෂ)

දැඩිව අබලන් තත්ත්වයේ පවතින හැටන් ස්ටැඩන් වතුයායේ වෙස්ටන් කොටසට පිවිසෙන මාර්ගය ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (17) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

මේ හේතුවෙන් වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත තේ කොළ ප්‍රවාහනයට මෙන්ම ප්‍රදේශවාසීන්ට පයින් හෝ එම මාර්ගයේ ගමන් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වර්ජකයෝ කීහ.

මේ සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක ද  නිරත වූහ.

එම උද්ඝෝෂණයෙන් අනතුරුව වතුපාලන අධිකාරිය සමග සාකච්ඡාවක් ලබා දෙන බව එම වතුයායේ සහකාර වතු අධිකාරිවරුන් පොරොන්දු වුවත් එම සාකච්ඡාව ලබා නොදුන් බව ඔවූහූ පැවසූහ.

මෙම මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරිම සඳහා වතුපාලන අධිකාරිය මගින් මීට වසර ගණනාවකට ප‍්‍රථම වතු සමාගම හරහා ප‍්‍රතිපාදන ලබා ගෙන තිබුනද එම ප‍්‍රතිපාදන මුදල්වලට සිදු වූ දෙයක් පාලන අධීකාරිය තමන්ට නොපවසන බව වතු අධිකාරිවරු පවසති.

තමන්ට මෙයට ස්ථිර විසදුමක් ලබාදෙන තෙක් තමන් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව වර්ජකයෝ කීහ.



අදහස් (0)

ස්ටැඩන් වතුකම්කරුවෝ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site