පුත්තලම - ජුඩ් සමන්ත.
මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 28,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ගිය ඉරාන ජාතිකයින් දෙදෙනෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
19 වැනිදා රාත්‍රීයේ මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති ඉරාන ජාතිකයින් දෙදෙනා පසුගිය 13 වැනිදා මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ එහි සේවකයෙකුගෙන් ගෑස් සිලින්ඩරයක මිළ විමසා පසුව ඔහු අත ඇති රුපියල් 5000 නෝට්ටු දැක ගැනීමට අවශ්‍ය බව පවසා පසුව ඔහු සතුව තිබූ මුදල් වලින් කොටසක් වංචා සහගත ලෙස ලබා ගෙන පලා ගොස් තිබුණි.
මෙම විදේශිකයින් දෙදෙනා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු හෙලි කිරීමෙන් අනතුරුව ඔවුන් මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින බවට වූ තොරතුරක් මාරවිල පොලීසියේ නිලධාරීන්ට ලැබී ඇත.ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම විදේශිකයින් දෙදෙනා විසින් පසුගිය 13 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ කෝප් සිටි වෙළද සැළකින්ද,පසුගිය ඔක්තොම්බර් මස 08 වැනිදා හලාවත නගරයේ පිහිටි රෙදි පිළි වෙළදසැලකින්ද මේ ආකාරයටම වංචා සහගත ලෙස මුදල් ලබා ගෙන පලා ගොස් තිබුණි.
මොවුන් දෙදෙනා දිවයිනේ තවත් ස්ථාන කීපයකින්ම මේ ආකාරයට වංචා සහගත ලෙස මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අරාබි මොළේ?