IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යතුරුපැදිය පෙරැළී ඇද වැටුණු කත මරුට

(ඔගස්ටින් ප‍්‍රනාන්දු)

බංගදෙණිය පල්ලම මාර්ගයේ කුමාරකට්ටුව එළිවිටය හංදිය අසල දී යතුරුපැදියක් පාර මැද පෙරැළි යාමෙන් එහි ආ කාන්තාවක අද (21) මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙස් මිය ගොස් ඇත්තේ කුමාරකට්ටුව එළිවිටියේ විසු අන්තෝනිගේ නෙළුමි ප‍්‍රියංකා(40) නමැති තැනැත්තියකි.

මිය ගිය තැනැත්තියගේ  පුරුෂයා වන එළිවිටියේ පදිංචි සිසිර ප‍්‍රසන්න කරුණානායක මහතා විසින් හලාවත පොලිසියට කර ඇති ප‍්‍රකාශය අනුව තම බිරිඳ සමග අද පෙරවරු 9 ට පමණ තමා පොළට යාම පිණිස යතුරුපැදියෙන් නිවසින් පිටව කුමාරකට්ටුව දෙස සිට පල්ලම දෙසට ගමන් කරන අවස්ථාවේ දි ඉදිරියෙන් පැමිණි වාහන පේළිය දැක බියට පත්වු බවත් මෙහිදි තමාට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළි පාර මැද වැටුණු බවත් එහිදි බිරිඳ සිහි විසඥව වැටුණු නිසා තමා ඇය වහාම රෝහලට ගෙන ආ බවත් සඳහන්ය.

ඇය රෝහලට ඇතුළත් කිරිමට පෙර මිය ගොස් ඇති අතර මිය ගිය කාන්තාවගේ දේහයේ කිසිදු තුවාලයක් නොතිබු බවත් වෛද්‍යවරුන් පොලිසියට වාර්තා කර ඇත. 



අදහස් (0)

යතුරුපැදිය පෙරැළී ඇද වැටුණු කත මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site