නයනජිව බන්ඩාර
සෙවනගල පොලිස් වසමේ කටුපිලගම උඩවලව වලවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් අද (18) අලුයම පැමිණි අයෙකු ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි සෙවනගල පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ උඩවලව වලවේගම ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලි මුදියන්සේලාගේ ලසන්ත සමන් කුමාර (39) නැමති දෙදරු පියෙකි.
මොහු ඉදිකරන ලද නව නිවසේ අද (18) පදිංචි වීමට නියමිතව සිට ඇත.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සෙවනගල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd