IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දකුණු පළාතට ළමා රෝහලක්

සිරංගිකා ලොකුකරවිට
 
යහපාලනයේදී  වැඩි අවධානයක් යොමු කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට නොව  මානව සම්පත දියුණු කිරීම කෙරෙහි බවත් ඒ සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි දියුණුවට අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබාදෙන බවත් අද(19) කරාපිටියේදී දකුණු පළාත් ළමා රෝහලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය,
“අයවැයෙන් වෙන්කරගත් රුපියල් බිලියන 235ක් සහ කැබිනට් පත්‍රිකා මගින් වෙන්කරගත් තවත් රුපියල් බිලියන 100ක පමණ මුදලක් පසුගිය වර්ෂයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කළා. 
 
මේ වගේ විශාල මුදලක් වෙන කිසිම රජයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරලා නැහැ. මෙහි ප්‍රතිලාභ ඉදිරියේදී ඔබට භුක්ති විඳීමට හැකිවේවි. මෙම ළමා රෝහලෙන් අපි බෙහෙත් දීම පමණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, මෙය සෞඛ්‍ය අධ්‍යාපනය හා පුහුණු කිරීම් වෙනුවෙනුත් යොදා ගන්නා තැනක් බවට පත් කරනවා. “
 
කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඉදිවන ළමා රෝහල මහල් 10කින් සමන්විත වන අතර රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1587ක වියදමින් ඉදිකිරීමට නියමිතය.
 
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

 



අදහස් (0)

දකුණු පළාතට ළමා රෝහලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site