ඉන්දිකා රාමනායක
ඇල්පිටිය ප‍්‍රදේශයේ ජනතාව භීතියට පත්කරමින් මිනිමැරුම් ඇතුලු අපරාධ වල නිරත අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙක් ගිනි අවි දෙකක් හා සහ කඩු 4 ක් සමඟ අද (31) විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් ගිනි අවි අතර දෙනකු ටී 56 ගිනි අවියක්, ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් තිබු බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.මෙම කල්ලිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරු මත භට පිරිස් සිදුකළ මෙහෙයුමකදී ගනේගොඩ , ඕපාත , පුජගල්ලෙන, මෙරිල්ලවත්ත යන ප‍්‍රදේශ වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35-45 අතර වයසේ පසුවන්නන් බවද පැවසේ.මොවුන් ඇල්පිටියේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් බවත් මොවුන් මෙම දකුණේ කි‍්‍රයාත්මක පාතාල කල්ලි සමඟ සම්බන්ධකම් පවත්වන්නන් බවට තොරතුරු හෙළි වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇල්පිටිය පොලිසියට බාර දී ඇත.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්පිටියෙන් අපරාධ කල්ලි සාමාජිකයින් 4ක් අත්අඩංගුවට