වසන්ත චන්ද්‍රපාල
නැගෙනහිර වනජීවී කලාපයේ මාදුරුඔය ජාතික වන උද්‍යානයේදි පනිජ්ජාඔය ප්‍රදේශයේදි ඇතින්නියක විසින් නිවුන් අලි පැටව් දෙන්නෙකු බිහිකරනු ලැබ තිබේ.
අඩු මාසයෙන් බිහිවූ මෙම අලි පැටව් දෙන්නා එම අවස්ථාවේම මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරිහු කියති. අලි පැටව් දෙනොගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් සිදු කරනු ලැබීය.
මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා ශරීර වල කොටස් කොළඹට යවන බවද නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය. මෙවැනි සිදුවීම් ඉතා දුර්ලභ වන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd