(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් හමංගොඩ ප්‍රදේශයේ දී 32 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඝාතනයට ලක්ව ඇති අජිත් කුමාර යන අයගේ වැඩිමහල් සොහොයුරිකගේ සැමියා මොහු සමඟ නිතරම බහින් බස් වන බවත් මෙම බහින් බස් වීමක් දුරදිග යාම නිසා මෙලෙස කපා කොටා ඝාතනය කිරීම සිදුව ඇති බව හෙළි වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ සෙහොයුරියගේ සැමියා සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු අද (30) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ.දැන් තනිකර මිනීමරු රට ලෙස ජනප්‍රියයි. ඒ මදිවට සමාජ ජාලාවල සිංහ කොඩිය දාල අපේ රට ලෝකෙට ජනප්‍රිය කරන්නලු. බය වෙන්න එපා ඒක ඉබේ වෙනවා