රංජිත් රාජපක්ෂ
කාසල්රි ජලාශයේ වේල්ල අසල අධි ආරක්‍ෂිත කලාපයේ ජලාශය මධ්‍යයේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුර අද (31) සොයා ගත් බව හැටන් පොලිසිය පවසයි.
හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ පදිංචි 28 වයසැති බේබි මෙරීනා නැමැති එක්දරු මවකි.
මීට දින 7ට පමණ පෙර නිවසේ ඇති වු ආරවුලක් සම්බන්ධයෙන් ඇය නිවසෙන් අතුරුදන්වී ඇති බව ඇයගේ ඥාතීන් කාසල්රි ජලාශයේ ආරක්‍ෂක අංශ වෙත හා හැටන් පොලිසියට පැමිනිලි කර තිබේ.
ජලාශයේ තිබී ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd