අප්සරා යෝසිත් විජේසූරිය
රත්නපුර කනාදොළ පිහිටි රත්නපුර මහ නගර සභාවේ කසළ බැහැරකිරීමේ හා කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්රැස් කර තිබූ ටොන් හාරසියක් ඉක්මවූ කුණු කන්දේ පැතිරයමින් තිබූ ගින්න නිවීමේ කටයුතු අද (25) ආරම්භ කර තිබේ.
රත්නපුර මහනගර සභවේ ගිනිනිවීමේ ඒකකයත්, කුරුවිට ගැමුණු හේවා බලකායත් ප්‍රදේශවාසීන් නගරසභා කම්කරුවන් සමඟ එක්ව ගිනි නිවීමේ කටයුතු ආරම්භ කර, එම ගින්න පැතිරයාම වළක්වාලීමට පියවරගත් බව රත්නපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සුජීව ගොඩැල්ලවත්ත මහතා පැවසුවේය.
කසල බැහැර කිරීමේ හා කසල කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටි අක්කර 08ක පමණ භූමියේ අක්කර 3කට ආසන්නව කසල තැන්පත් කර ගොඩගැසුණ කුණුකන්ද ගිනිගෙන ඇතිබව නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.
එසේම මේදිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය මේ ගින්න පැතිරයාමට හේතුවක් වන්නට ඇතිබවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.
මේ සම්බන්ධව රත්නපුර පොලිසිය පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.




2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්නපුර කසල බැහැරකරන ස්ථානයේ ඇතිවූ ගින්න නිවා දමයි