‘තංගල්ල රෝහලේ රෝගීන් ගැන බිය විය යුතු නැහැ‘ තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබා ගන්නා ඉන්ෆ්ලූවන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමා රෝගීන් යම් වැඩිවීමක් පැවතියද රෝහල තුළ අනාරක්ෂිත තත්වයක් නැතැයි තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චමින්ද ජයසේකර මහතා පැවසීය. 16 May 2018
පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම් රජය මගින් වැඩි කළ පෞද්ගලික බස් රථ ගාස්තු ප්‍රමාණවත් නොවන බව පවසමින් හෙට (17) දින පෞද්ගලික බස් රථ සංගම් විසින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති වැඩ වර්ජනයට සාර්ථකව මුහුණ දිමට හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් සුදානම් බව එම ඩිපෝවේ කළමණාකර අනුර දොඩම්තැන්න මහතා කිහ. 16 May 2018
වාරි ඇලේ නාන්න ගිය මව සහ දියණිය මරුට දෙහිඅත්තකන්ඩිය නිකවතලන්ද ප්‍රදේශයේ පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගිය 32 ක හැවිරිදි මවක සහ අවුරුදු 3 1/2 වයස ඇගේ දියණිය අද (16) සවස දියනෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී මියගිය බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි. 16 May 2018
ඌවේ හෙද ඇතුළු පරිපුරක වෛද්‍ය සේවයේ නිලධරයෝ වර්ජනයක අතීකාල දීමනා නොගෙවීම සම්බන්ධයෙන් ඌව පළාතේ රෝහල්වල සේවයේ නියුතු හෙද නිළධාරීන් සහ පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් කීපයක නිලධරයෝ අද (16) දවස පුරා එක් දින වැඩවර්ජනයක නිරත වූහ. 16 May 2018
අ‘පුර රැකියා විරහිත උපාධිධාරීහු වීදී බසිති රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (16) දින අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත විය. 16 May 2018
වෛද්‍යවරියගේ මුදල් සොරකම් කළ සෆාරි රියදුරාගේ නඩුව කල් යයි විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ වංචා කර එම දේපල සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකුට එරෙහිව පවතින නඩුව ලබන ජූනි මස 5 වන දින යළි කැ ඳවීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය. 16 May 2018
වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසෙයි හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය නගරයේ සහ ඒ අවට ප්‍රධාන මාර්ගයේ අද (16) උදෑසන සිට දැඩි මීදුමක් පැවතීමෙන් මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ලවිය. 16 May 2018
නාවුල කජු වගාවට වැස්සෙන් හානි මාතලේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කජු සඳහා ඉහළ මිලක් පැවතිය මේ දිනවල පවතින වැසි සහිත කාලගුනය නිසා අස්වැන්න විනාශ වී ඇතැයි ගොවීහු පවසති. 16 May 2018
ජලය ඉල්ලා පුත්තලම ගම්වැසියෝ විරෝධයක ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ලබාදෙන ජලය දැනට දින 5 ක සිට නොලැබුණු බව කියමින් ප්‍රදේශවාසීහු අද (16) උදෑසන පුත්තලම එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ. 16 May 2018
සංචාරක හෝටලයකින් භාණ්ඩ සොරකම් කරයි වෙන්නප්පුව-නයිනමඩම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකින් නමලක්ෂ හැත්තෑ හතර දහසක් පමණ වටිනා ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගනක දෙකක්, යතුරුපැදියක්, බෑග් එකක් ඇතුඵ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති වෙන්නප්පුව පොලිසිය පවසයි. 16 May 2018
රත්මලාන රස්ටම්වත්තෙන් කාන්තා මළ සිරුරක් සොයා ගනී රත්මලාන රස්ටම්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබු මඩුවක හුදකලාව දිවි ගෙවමින් සිටියදී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 15 May 2018
පිරිමි දරුවකුගේ මළ සිරුරක් මාලිගාවත්තෙන් සැකකටයුතු ලෙස මියගොස් සිටි දෙහැවිරිදි පිරිමි දරුවකුගේ මළ සිරුරක් සීනි වැඩි වීමකින් මිය ගිය බව පවසා හදිසි මරණ පරීක්ෂණ සිදු නොකර අවසන් කටයුතු සිදුකිරීමට සුදානම් ව සිටියදී පොලිසිය එය වළක්වා 15 May 2018
එළුවන් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය සිට පුත්තලම දක්වා නීතිවිරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සමඟ පුද්ගලයකු අද (15) වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේ දී වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 15 May 2018
ඉන්ධන මිල ඉහළ යාමෙන් වතුකරයේ ජනතාවට අසීරුතා රැසක් ඉකුත් සතියේ රජය මගින් ඉන්ධන මිල වැඩි කිරිමත් සමඟ භුමිතෙල් මිල ඉහළ යාමෙන් වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදිහත් වි ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති පෙරියසාමි ප්රදිපන් මහතා පැවසිය. 15 May 2018
කහටගස්දිගිලියේ රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ප්‍රධාන වෛද්‍යවරයකු නොමැති වීමත් සේවයට අවශ්‍ය අනෙකුත් කාර්ය මණ්ඩලයේ හිඟතාව නිසා කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ගැටලු රැසක් පැන නැගී ඇතැයි කියමින් කහටගස්දිගිලිය රෝහල් කමිටුව සහ ප්‍රදේශවාසීහු අද (15) කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වුහ. 15 May 2018
තණමල්විල ගංජා හේනක් වටලා පුද්ගලයෙක් අත්ඩංගුවට තණමල්විල බලහරුව උණකන්ද රක්ෂිතයේ රහසිගතව වගා කර තිබු ගංජා හේනක් වටලා ගංජා සමඟ එක් පුද්ගලයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 15 May 2018
මීගහකිවුලේදී ත්‍රිරෝද රියක් අඩි 50 පහළට පෙරැළෙයි දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට වැළිමඩ ප්‍රදේශයේ නිවසක පැවැත්වෙන දානමය පිංකමක් සදහා සහභාගී වීමට යමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් අද (15) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල 13 කණූව සදුන් වගාව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරැළි යාමන් එහි ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 15 May 2018
අ’පුරේ ආපණ ශාලවක ගින්නක් අනුරාධපුර පුජා නගරයේ මල්වතු ඔය ආසන්නයේ පිහිටි ආපනශාලාවක් අද (15) උදෑසන ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්වු බව පොලිසිය කියයි. 15 May 2018
මීගමුව මහ නගර සභා සීමාවේ අනවසර දැන්වීම් පුවරු ඉවතට මීගමුව මහ නගර සභා සීමාවේ ඇති සියලු අනවසර දැන්වීම් පුවරු , කටවුට්, බැනර් වහා ඉවත් කරන ලෙසට නිලධාරින්ට උපදෙස් දී ඇතැයි දයාන් ලංසා මහතා අද (15) පැවසීය. 15 May 2018
බදින තුවක්කුවක් පත්තු වී කතකට තුවාල වත්තහේන ප්‍රදේශයේ තේ වත්තක දළු කඩමින් සිටි කාන්තාවක් බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 15 May 2018
හලාවත අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව හලාවත පොලීසිය කියයි. 15 May 2018
යාපනයේ විශේෂ පොලිස් ඒකකයක් යාපනය දිසාව තුළ සීඝ්‍රව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා එම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ. 15 May 2018
මහවැස්සෙන් මහනුවර 351ක් පීඩාවට මහනුවර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 92 කට අයත් පුද්ගලයින් 351 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. 14 May 2018
පොහොට්ටුවේ විරෝධයෙන් හිඟුරක්ගොඩ ප්‍රා සභාව කල් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කෑ කෝ ගසා විරෝධය පළ කිරීම නිසා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (14) දින නියමයක් නැතිව කල් තබනු ලැබීය. 14 May 2018
උඩුනුවර ප්‍රා ස හිටපු සභාපතිට මරණ තර්ජනය කළැයි පැමිණිල්ලක් උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මරණ තර්ජන කළ බව සඳහන් කරමින් පැමිණිල්ලක් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 14 May 2018
හඳුනා නොගත් වෛරසයකින් දරුවන් 5 ක් මරුට ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හඳුනා නොගත් වෛරසයක් නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 14 May 2018
කබර ගොයකු විල්පත්තුව වනෝද්‍යානයට පුත්තලම නගරයේ නිවසකට පැමිණි අඩි හයක් පමණ දිග කබර ගොයකු පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරින් විසින් අල්ලා ගත් බව වනජීවී පාලන ඒකකයේ මධ්‍යස්ථාන භාරකරු නවරත්න බන්ඩාර මහතා පැවසීය. 14 May 2018
නැගෙනහිර ස්වෙච්ඡා ගුරුවරු උද්ඝෝෂණයක නැගෙනහිර පළාතේ ස්වේච්ඡා ගුරුවරු ස්ථීර කිරිමේදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් ස්ථීර නොවන ස්වේච්ඡා ගුරුවරු කොටසක් අද (14) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලිණි. 14 May 2018
ගින්නකින් තලවකැලේ නිවාසයකට හානි තලවකැලේ කොත්මලේ මාර්ගයේ හොලිරූඩ් නව නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් අද (14) සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමකට ලක්ව විනාශය වී ඇතැයි පොලීසිය පවසයි. 14 May 2018
යාන් ඔය වැලි ප්‍රවාහනයේ දී ප්‍රා.සභාව සම්බන්ධ කරගන්නැයි නියෝග වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියෙන් වැලි ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගන්නා ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්රභාකරන් මහතා භූ විද්‍යා හා පතල් හා කැණීම් කාර්යංශයට අද (14) නියෝග කළේය. 14 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025