(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබා ගන්නා ඉන්ෆ්ලූවන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමා රෝගීන් යම් වැඩිවීමක් පැවතියද රෝහල තුළ අනාරක්ෂිත තත්වයක් නැතැයි තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චමින්ද ජයසේකර මහතා පැවසීය.
වෛද්‍ය අධිකාරී වරයා පැවසුවේ වෙනදාට සාපෙක්ෂව ඉන්ෆ්ලූවන්සා තත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමා රෝගීන් පැමිණියද එම තත්වය පාලනය කිරීමට රෝහල් පරිපාලනය කටයුතු කර ඇති බවයි.
තංගල්ල මූලික රෝහලට පැමිණෙන රෝගීන් ගේ රුධිර සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය ට යොමු කර රෝගී තත්වයන් පිළිබදව නිරතුරුවම පරීක්ෂණයට ලක් කරන බවත් රෝහලට පැමිණෙන රෝගීන් ගෙන් H 1 A1 රෝගී තත්වයන් ඇති රෝගීන් කිසිවෙක් හමු නොවු බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd