IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කහටගස්දිගිලියේ රෝහල ඉදිරිපිට විරෝධතාවයක්

පැතුම් දර්ශන
 
ප්‍රධාන වෛද්‍යවරයකු නොමැති වීමත් සේවයට අවශ්‍ය අනෙකුත් කාර්ය මණ්ඩලයේ හිඟතාව නිසා කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ගැටලු රැසක් පැන නැගී ඇතැයි කියමින් කහටගස්දිගිලිය රෝහල් කමිටුව සහ ප්‍රදේශවාසීහු අද (15) කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වුහ.
 
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙක් දැනුවත් කළත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවසු උද්ඝෝෂකයෝ තමන් පත්ව සිටින අසරණතාවය පිළිබඳව බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද පැවසූහ. 
 
මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණය කිරීම නිසා අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණ අතර පසුව කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ උද්ඝෝෂකයෝ මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ. 
 



අදහස් (0)

කහටගස්දිගිලියේ රෝහල ඉදිරිපිට විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site