(හැටන් රංජිත් රාජපක්ෂ )
රජය මගින් වැඩි කළ පෞද්ගලික බස් රථ ගාස්තු ප්‍රමාණවත් නොවන බව පවසමින් හෙට (17) දින පෞද්ගලික බස් රථ සංගම් විසින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති වැඩ වර්ජනයට සාර්ථකව මුහුණ දිමට හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් සුදානම් බව එම ඩිපෝවේ කළමණාකර අනුර දොඩම්තැන්න මහතා කිහ.
මෙම වැඩ වර්ජනයට මුහුණ දිම සදහා තම ඩිපෝවේ සියළුම සේවකයින් මේ වන විට සේවයට වාර්තා කර ඇති බවත් ,දෛනික ධාවන කටයුතු සදහා හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා ධාවනයට එක් කරන බස් රථ 92 ක් මේ වන විට සුදානම් කර ඇති බවයි විපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
කිසිදු මගියෙකුට අවහිරයක් නොවෙන සේ හැටන් ලංගම බස් නැවතුම්පොලේ සිට දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ යොදවන බවත්, එම බස් රථවලට දිනපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් බස් රථවලට නිකුත් කර ඇති බවත්, ඒසේ ඉන්ධන නිකුත් කිරිම තුලින් ධවනය කරවන බස් රථවල ප්‍රමාදය අවම කර ගැනිමට හැකි බවයි ඩිපෝ කලමණකාරවරයා කියා සිටින්නේ.
ලංගම සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරිම සම්බන්ධයෙන් හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් කැමැත්ත පළ කර ඇති බවත්, තම ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයින් හෙට දින ධාවනය කිරිමට නියමිත සියළුම බස් රථවල අලුත් වැඩියා කටයුතු ලහි ලහියේ සිදු කරන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම්
Siri Wednesday, 16 May 2018 03:24 PM
56 කලාවගේ සේරම පුද්ගලික බස් ලංගමට ගන්න ඕනි. එතකොට ඒවායේ සේවකයන්ටත් හොඳ කලක් ඒවි. මහජනයාත් සැපට බස්වල යාවි.
wiki Friday, 18 May 2018 12:17 PM
දැන් වර්ජනය කරන්න බැරි පෞද්ගලික අංශ වල වැඩකරන මිනිස්සුන්ට විතරයි.