IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ජලය ඉල්ලා පුත්තලම ගම්වැසියෝ විරෝධයක


 
( එච්. චන්දන )


ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  මගින් ලබාදෙන ජලය දැනට දින 5 ක සිට නොලැබුණු බව කියමින් ප්‍රදේශවාසීහු අද (16) උදෑසන පුත්තලම එම කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් ඇරඹුහ.


එක් දිනක් ජලය  නිකුත් නොකර බව පවසා දින 5 ක් ජලය ලබා නොදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බවත්,මේ නිසා ඇඳුම් සොදා ගැනීමට නොහැකිව අද දින සමහර දරුවන් පාසල් නොගිය බවත් ඔවුහු පවසති.


එම පිරිස අතර එක් පුද්ගලයකු එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර  වන ලෙස ‍පෙට්‍රරල් බෝතලයක් තබා ගෙන මෙයට නිසි විසඳුමක් නොලැබේ නම් තම සිරුරට ගිනි තබා ගන්නා බවද බව  ඔහු පවසයි.


අපිට නල ජලය නොමැති නම් ජලය ලබා ගැනීමට කිසිදු වැවක්, ළිඳක් නොමැති බවත් නල මගින් ජලය දෙන්න අපහසු නම් බවුසර් මගින් ජලය ලබාදීම යුතුකමක් වන බවත් මෙම ආයතනය කිසිදු වගකීමකින් තොරව වැඩ කරන බව ගම්මු චෝදනා කරති.


මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු අරුණ රන්දෙණිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ නව ජලනල පද්ධතියේ වැඩ කටයුතු නිසා කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් අද (16) සවස් වන විට ජලය ලබාදීමට හැකි බවත්ය.



අදහස් (0)

ජලය ඉල්ලා පුත්තලම ගම්වැසියෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site