IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මීගමුව මහ නගර සභා සීමාවේ අනවසර දැන්වීම් පුවරු ඉවතට


 
(ප්‍රසාද් මුතුකුඩ)   


මීගමුව  මහ  නගර සභා  සීමාවේ ඇති සියලු අනවසර දැන්වීම් පුවරු , කටවුට්, බැනර් වහා ඉවත් කරන ලෙසට  නිලධාරින්ට උපදෙස් දී ඇතැයි  දයාන් ලංසා මහතා අද (15) පැවසීය.

පුරපති  දයාන් ලංසා මහතා මේ බව  සඳහන් කර සිටියේ මීගමුව මහ නගර සභාවේ  ශ්‍රවනාගාර පරිශ්‍රයේ  විශේෂ  නිලධාරි හමුව  වැඩසටහනින් පසුවය. 

එහිදි  අදහස් දැක්වු  දයාන් ලංසා මහතා මෙලෙස කීය.

“ පුංචි රෝමය  ලෙස  ලෝකයේම විරුදාවලියට ලක්ව තිබෙන්නේ  අපේ මීගමුව නගරයයි  සුන්දර මේ නගරය වාණිජමය අතින් ඉතා වටිනා නගරයක් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉතා සමීපතම නගරය මෙයයි. විදේශ සංචාරකයින් සිය සංචාරය ආරම්භ කර අවසන් කරන්නේ මීගමු නගරයේනුයි.

ක්‍රියාත්මක මිනිසුන් සිටින  නගරයක  ක්‍රියාත්මක නගර සභාවක් අවශ්‍යයි. නිලධාරින්  තනතුරු වලට  පත් කරලා තියෙන්නේ වගකීම් යටතේනුයි එය අපි හරියාකාරව  ඉටුකරන්න වගබලා ගත යුතුයි බදුගෙවන , නොගෙවන සියළු ජනතාව මෙය දිහා බලා සිටිනවා.  මීගමුව නගරයේ අනවසර ඉදිකිරීම් වැඩිවී ඇති බව පෙනිගොස් තිබෙනවා.

ඒ අනුව  පුර්ව දැනුම් දීමක් අපි  සභාව විසින් කරලා දැනට දින කීපයක සිට  අනවසර දැන්වීම් පුවරු  ,කටවුට්, බැනර් ඉවත් කිරීම් සිදු කෙරෙනවා.  ස්ථාන කීපයක  සවි කර ඇති  විශාල  ඩිජිටල්  දැන්වීම්  පුවරු  වලට කිසිදු ගෙවීම් කර නැති බවට වාර්තා වෙනවා  නගර වැසියන්ට පොදු පණිවුඩ ලබාදීමට ඒවා ඉදිරියේ දී ලබා ගන්නට සිදු වෙනවා තවද  විදේශ සංචාරකයින් හට ආකර්ශනීය  සුන්දරත්වයක් විද ගැනීමට සියල්ල සුදානම් ලෙස මීගමුව නගරය ගොඩනැගිය යුතුව තිබෙනවා එදා මේ නගරයේ  බොහෝ තැන් ජලයෙන් යටවුණා ,මාර්ගවල මාළු අල්ලන්න පුළුවන් තරමට වලවල් තිබුණා.

හිටපු  නගරාධිපති ,වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා  මහතාගේ කැපවීම තුළ නගරය අලංකරණය කළා. ඉන් පසු කාලයේ දැනෙන  සංවර්ධනයක්  මීගමුවේ දකින්න නැති බව පෙනී ගොස් තිබෙනවා.  බදු ගෙවන ජනතාවට වගකීම්  ඉටු කළ යුතුයි.  

අද යම් කටයුත්තකට  මීගමුව මහ නගර සභාවට  පැමිණෙන කෙනෙකුට  ඒ කාර්ය කර ගැනීමට  අඩුම ගානේ රුපියල් පන්සීයක් වත් සංතොෂම්  දෙන්න වෙලා මේ ආයතනය ජාරාජීර්ණ  ආයතනයක් බවට නිළධාරින් පත් කරලා ඒ තත්ත්වය  අපි අවසන් කළ යුතුව තිබෙනවා.  

එවැනි දේවල් යළි සිදු නොවන්නට තමයි ජනතාව මේ තනතුරු අප සැම දෙනා ලබා දීලා තියෙන්නේ ප්‍රධාන කාර්යාලය පිටුපස කෙනෙක් ඇවිත් බැළුවොත් මිහිපිට අපායක් දකින්න පුළුවන් පාට පක්ෂ සියළු තරහා මරහා ඉවතලා සුන්දර මීගමුව ගොඩ නගන්න එකතු වන්න  කියා සැමට ආරාධනා කරනවා’
  



අදහස් (0)

මීගමුව මහ නගර සභා සීමාවේ අනවසර දැන්වීම් පුවරු ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site