IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහවැස්සෙන් මහනුවර 351ක් පීඩාවට

(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  11 ක පවුල්  92 කට අයත් පුද්ගලයින් 351 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
 

වර්ෂාවෙන් පීඩාවට පත් වූ සියලු දෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  මැදිහත් වීමෙන් සිදු කරමින්  පවතින බව රණවීර මහතා වැඩි දුරටත්  සඳහන් කළේය.
 
අධික වර්ෂාව, දැඩි සුළං, පස් කඳු  කඩා වැටීම, අකුණු ගැසීම් නිසා මෙම පීඩාවන්  සිදුව ඇති අතර මෙනිසා නිවාස දෙකක්  සම්පූර්ණයෙන් විනාශ වී නිවාස  82  කට අර්ධ හානි සිදුව තිබේ .
 
ගඟවට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හිඳගල සහ උඩ පේරාදෙණිය ප්‍රදේශවල පාලම් දෙකකට හානි සිදුව ඇති බවත් පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අබසිංගම ප්‍රදේශයේ අමුණක් සහිත මාර්ගයකටද හානි සිදුව  ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
මහනුවර අනිවත්ත ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අනිවත්ත බිංගෙය අසලින් දිවෙන මාර්ගයට ගල් පෙරලීම නිසා  එම මාර්ගය තාවකාලිකව වසා ඇති බවත් ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

මහවැස්සෙන් මහනුවර 351ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site