( නිශාන්ත කුමාර)
දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට වැළිමඩ ප්‍රදේශයේ නිවසක පැවැත්වෙන දානමය පිංකමක් සදහා සහභාගී වීමට යමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් අද (15) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල 13 කණූව සදුන් වගාව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරැළි යාමන් එහි ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
විරුද්ධ දෙසින් පැමිණී වෑන් රථයකට ඉඩ දීම පිණිස ත්‍රී රෝද රථය මාර්ගයෙන් ඉවතට ගනිද්දී එය මාර්ගයෙන් ඉවතට ධාවනය වී මෙලෙස අනතුරට ලක්ව ඇත.
ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ධාවනය වූ ත්‍රී රෝද රථය වට කිපයක් පෙරැළි ගොස් පහළින් පිහිටි ගස් අතර සිරවී නතර වි ඇති අතර සීරුම් තුවාල ලැබු එහි ගමන් ගත් රියැදුරා ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා එම ස්ථානයේ සිට උදව් ඉල්ලා කෑ ගසද්දී ඒ අසල සිටි පිරිසක් පැමිණ ඔවුන් බේරාගෙන ඇත.
අනතුරින් ත්‍රී රෝද රථයට දැඩි හානි සිදුව ඇත. කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගහකිවුලේදී ත්‍රිරෝද රියක් අඩි 50 පහළට පෙරැළෙයි