(අමදෝරු අමරජීව)
නැගෙනහිර පළාතේ ස්වේච්ඡා ගුරුවරු ස්ථීර කිරිමේදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් ස්ථීර නොවන ස්වේච්ඡා ගුරුවරු කොටසක් අද (14) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලිණි.
නිශ්චිත සේවා කාල සැලකිල්ලට ගැනීම, නිර්ණායක පදනම් කරගෙන මෙම ස්ථීර කිරිම සිදු කිරිමේදී එම කාල සීමාවට පෙර හා පසු සේවය කළ ගුරුවරු ස්ථිර කිරිමේ ලේඛනයට ඇතුළත් වී නැතැයි එම ගුරුවරු කියති.
යුද ගැටුම් කාලයේ මේ ප්‍රදේශවලට ගුරුවරු නොපැමිණි අවස්ථාවල ප්‍රදේශයේ අධ්‍යාපන මට්ටම අඩාල නොවී පවත්වාගෙන යාමට ජිවිත පරදුවට තබා තමන් කට යුතු කළ බව එම ගුරුවරු පවසති.
ස්වේච්ඡා ගුරුවරුන්ගේ මෙම ගැටලුව ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතාට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd