(චමිල් රූපසිංහ)
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මරණ තර්ජන කළ බව සඳහන් කරමින් පැමිණිල්ලක් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
අද (14) සිද්ධියට අදාල මන්ත්‍රීවරුන් පොලිසියට කැඳවා තිබු අතර උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරු 17 දෙනෙකු පොලිසියට පැමිණ සිටියහ.
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ පළමු සැසි වාරය පසුගිය (27) දින ආරම්භ කළ අතර එම සැසිවාරය සදහා හිටපු සභාපතිවරයා පැමිණෙමින් සිටියදි එක් මන්ත්‍රීවරයෙක් පහරදිමට තැත් කළ බවද අනිකුත් මන්ත්‍රීන් දෙදෙනා සභාව ඇරැඹු අවස්ථාවේදි බැණ මරණ තර්ජනය කළ බවත් ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd