හොරොයින් සමඟ අඹූසැමි යුවළක් අත්අඩංගුවට රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 10 May 2018
තණමල්විල පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි. 10 May 2018
හංවැල්ලේ වැලි තොටුපළකට පහර දුන් 6 ක් සොයා මෙහෙයුම් හංවැල්ල ජල්තර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුට අයත් ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි වැලි තොටුපළකට අද (10) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි බව කියන කඩු සහ යකඩ පොලූ රැගත් මුහුණු ආවරණය කරගත් 10 May 2018
නොච්චියාගම ප්‍රා.සභාවේ මුල්‍ය අර්බුදයක් නොච්චියාගම ප්‍රාදේශීය සභාව මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබීමෙන් සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතයි සභාපති ආර් .බි.ගුණරත්න මහතා සඳහන් කරයි. 10 May 2018
මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 18 කට දඩ බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑළිය රක්ෂිතයේ පරිසර හානියක් සිදු කරමින් අනවසර මැණික් ගැරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 18 දෙනෙකු දඩ නියම කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කළේය. 10 May 2018
අකුණු සැර වැදී ගොවියකු මරුට දියබෙදුම - සමරනදීගම ප්‍රදේශයේ පිහිටි තම කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියකු අකුණු සැර වැදීම හේතුවෙන් අද (09) මරණයට පත් වී ඇතැයි බකමූණ පොලිසිය කියයි. 09 May 2018
ආයුධයකින් පහරදී තරුණයකු මරලා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේදී අද (09) තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 09 May 2018
මව ගැන නොබැලීයැයි වෛද්‍යවරයාට ගැසූ පුතෙක් සැකපිට තම මවට ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ නොදුන් බව පවසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බව කියන තරුණයෙකු අද (09) සවස ගාල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. 09 May 2018
ප්‍රා සභා මන්ත්‍රීගේ වැටුප අසරණ පවුල් 20කට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වර්ණ රංග මහතා තමන්ට ලැබෙන වැටුප හා සියලුම දීමනා තමන් නියෝජනය කරන කොට්ඨාසයේ දුප්පත් පවුල් 20ක් තෝරාගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු සකසා තිබේ. 09 May 2018
මහ වැස්සෙන් මහනුවර 247කට පීඩා මහනුවර දිස්ත්‍රික්කයේ අද දහවල් දක්වා පැවැති අධික වර්ෂාවෙන් දිස්ත්‍රක්කයේ පවුල් 66 ක පුද්ගලයින් 247 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 09 May 2018
පොලිසියට කට්ටි පැන්න සැකකරුවකු අවුරුදු 13කට පසු අල්ලයි අක්මීමන හියාරේ ප්‍රදේශයේ දී 2005 වර්ෂයේ පුද්ගලයකුට පහරදි රුපියල් හය දහසක් කොල්ලකා දහතුන් වසරක් තිස්සේ සැඟවී සිටිබව කියන පුද්ගලයකු ගාලු කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 09 May 2018
පාර සාදා දෙන්නැයි වැල්ලවායේ ගැමියෝ පාරට බසිති උමාඔය ව්‍යාපෘතියේ බර වාහන ගමන් කිරීම නිසා තම ගම්මානයට පිවිසෙන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බව පවසමින් එම මාර්ගය සකස් කර දෙන ලෙස ඉල්ලමින් වැල්ලවාය කොටිගල්බොක්ක ප්රාද්ශවාසීහු අද (09) ඇල්ල වැල්ලවාය මාර්ගයේ පේරකැටිය එකේ කණුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ. 09 May 2018
බුරු ගැසු 8 ක් පන්නලින් කොටු වෙති පන්නල - රාවිට ප්‍රදේශයේ නිවෙසක ඉතා සූක්ෂම අයුරින් කරගෙන ගිය බුරූවා ගැසීමේ ජාවාරමක් වැටලීමෙන් එහි සිටි පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. 09 May 2018
නැගෙනහිර සරසවියේ සිසුහු පාරට බසිති නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ජන සන්නිවේදන, කළමනාකරණ අධ්‍යාපන හා 09 May 2018
අසාධ්‍ය දරුවන් කරාපිටියට ගෙනියන්න විශේෂ ගිලන් රියක් දකුණු පළාතේ වෙනත් රෝහල්වල සිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන ළදරුවන් කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට ගෙන එම සඳහා සියලු පහසුකම් වලින් යුත් විශේෂිත ගිලන් රථයක් මේ දිනවල සුදානම් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුළ එම ප්‍රවාහන සේවාව ආරම්භ කරන බැව කරාපිටිය රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රධානි ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි මහත්මිය සදහන් කළාය. 09 May 2018
පුද්ගල ඝාතනයක සැකකරුවෙක් වසර 17 කට පසු අත්අඩංගුවට හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩුවේ යැයි සිද්ධියකට පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ චෝදනාවට අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයකු වසර 17 කට පසුව අත්අඩංගුවට ගත් බව හෝමාගෙම පොලීසිය පවසයි. 09 May 2018
තානායම්කන්ද මාර්ගය සාදා දෙන්න‘යි ගැමියෝ පාරට බසිති ඇල්පිටිය තානායම්කන්ද මාර්ග සකස්කර දෙන ලෙස ඉල්ලමින් අද (09) උදැසන ගම්වාසිහු මහමග ටයර් පුළුස්සමින් සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවුහ. 09 May 2018
මුව මස් ළඟ තබා සිටි දෙදෙනෙක් අත්අඩංගුවට පුත්තලම - කල්අඩිය නිවසක සඟවා තිබූ මුව මස් කිලෝ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි. 09 May 2018
කතකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට වයස අවුරුදු පනහට පමණ කාන්තාවක් පුවත්පතක පළ කරන ලද මංගල දැන්වීමක් අනුව එම කාන්තාව සමඟ දුරකථනෙයන් සබඳකම් පැවැත්වූ පුද්ගලයෙකු එම කාන්තාවගෙන් අවස්ථා 09 May 2018
වෙනදාට නැති වැහිදාට ඇති දියඇලි මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අලංකාර කුඩා දියඇලි රාශියක් දැකගත හැකිය. 09 May 2018
මරණයක් භුමදාන කරන්න ගිය 10කට බඹර ප්‍රහාර හාලිඇල උඩුවර ප්‍රදේශයේ මරණයක් භූමදානය කිරීමට සොහොනක් කපමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් තිදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවී තිබේ. 09 May 2018
මාර්ග නීති කඩ කළ 17 ක් දන්කොටුවෙන් අත්අඩංගුවට දන්කොටුව පොලිස් බල ප්‍රදේශය හා දංකොටුව නගරය කේන්ද්‍ර කරගෙන ජනතාවගේ හා වාහනවල ආරක්ෂාව තහවුරු කිරිම අරමුණු කරගෙන සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් දෙදෙනකු ඇතුළු මාර්ග නීති කඩ කළ රියදුරන් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 09 May 2018
පන්නල සභාපතිගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක් ‘මේ පන්නල ප්‍රදේශයේ තරම් පරිසර ප්‍රශ්න ඇති වෙනත් ප්‍රදේශයක් කොහේවත් නැති තරම්. මා ඔයත් දැන් නැති ගානයි. එදා තිබූ වැලි තලාව අද දකින්න වත් නැහැ. මැටි, ගල් ඒවත් එහෙමයි. මාලිගා කන්දක් අද නැති තරම්. ඒ තරටම කළු ගල් කඩලා. මේවා කළේ සත්තු නෙමෙයි මිනිස්සු.‘ යැයි පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා අද දෙවැනි සභා වාරයේදී පැවැසීය. 08 May 2018
පියා සොරකම් කළ දුරකතනය දුව සොරා ගෙන පියා සොරකම් කරන ලද ජංගම දුරකථනයක් දියණිය පියාගෙන් සොරකම් කරගෙන පෙම්වතා සමඟ දුරකථනයෙන් කථා බහ කරමින් සිටියදී පොලිසිය සිදුකළ දුරකථන පරීක්ෂණ වාර්තා අනුව සොරකම් කරන ලද ජංගම දුරකථනය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව (7) අම්බලන්තොට පොලිසිය කියයි. 08 May 2018
දියබෙදුම ගම්වාසීහු පාරට බසිති දියබෙදුම, ඉහකුළුවැව ප්‍රදේශයේදී අලියකු පහර දීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළකර ගම්වාසීන් 200 ක පමණ පිරිසක් අද (8) දහවල් දියබෙදුම නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 08 May 2018
වලස්මුල්ලේ ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට වලස්මුල්ල ප්‍රදේශයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථානයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ කාන්තාවන් තිදෙනෙකු අද(08) තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 May 2018
කේරළ ගංජා සමඟ සිසුහු තිදෙනෙක් කොටු වෙති කේරළ ගංජා මිලිග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පාසල් සිසුන් දෙදෙනෙකු සහ පාසල් ගමන අවසන් කර ඇති සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 May 2018
ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළ කම්කරුවන් 128 දෙනෙක් වසර තිහක කාලයක් ස්ථිර නොකිරීම නිසා එම කම්කරුවන් අනිද්දා (09) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි ඌව පළාත් ගොවිපළ කම්කරු එකමුතුව පවසයි. 07 May 2018
දියබෙදුමේ වන අලි පහර දීමකින් අයෙක් මරුට දියබෙදුම, ඉහකුළුවැව ප්‍රදේශයේ දී අද (7) උදේ 6.10 ට පමණ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. 07 May 2018
ගවයින් ප්‍රවාහනය කළ 9 ක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ගවයින් නව දෙනෙකු කුඩා ලොරියක පටවා හල්දුම්මුල්ල කොස්ගම සිට රත්නපුර දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී අද (7) පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 07 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025