ඩි.ජී.සුගතපාල අහංගම සුමතිපාල දීයගහගේ
තම මවට ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ නොදුන් බව පවසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බව කියන තරුණයෙකු අද (09) සවස ගාල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
ඔහු අද දහවල් නේවාසිකව ප්‍රතිකාර ලබන තම මව බැලිමට 19 වාට්ටුවට ගියවිට දැනගැනිමට ලැබි ඇත්තේ වාට්ටු භාර වෛද්‍යවරයා වි මව 17 වාට්ටුවට මාරුකර ඇති බවයි. නමුත් මව 19 වැනි වාට්ටුවේම සිට ඇත. එම අවස්ථාවේ වාට්ටුවේ සිටි වෛද්‍යවරයාගෙන් ඒ ගැන විමසූවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ එම වාට්ටුවට ගෙන යාමට කෙනෙකු නැති බවයි.
මවට අමාරුනිසා ට්‍රොලියක තබාගෙන තමා එම වාට්ටුවට මව ගෙන යාමට ඔහු වෛද්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටිවිට ‘තමුසෙට ඕනෑ විදියට කරන්න බැහැ‘ යනුවෙන් පැවසීම නිසා දෙදෙනා අතර බහින් බස්විමක් සිදුව ඇති බවත් එහිදි ඔහු වෛද්‍යවරයාට අතින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සැලවීමත් සමග රෝහල් පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි ඇත පසුව වෛද්‍යවරයාද තමාට පහරදුන් බව පවසා රෝහල් ගතව තිබේ. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා සිතන්නේ මෙවැනි අවස්ථාවක, මේ තරුණයාට ඇවිදීමට අමාරු රෝගියෙකු ට්‍රොලියක තබාගෙන යාමට අවසර දීමේ වරදක් නැත කියයි. මීට හේතුව නම්, රෝගියෙකු ට්‍රොලියක තබාගෙන යාම සඳහා එතරම් විශේෂිත පුහුණුවක් අවශ්‍ය නොවන බැවිනි.
ගහපු එක අනුමත කරන්න බැහැ. හැබයි වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාප අනුමත කරන්න බැහැ කූමක්වත්. සාමාන්‍ය මනුසයෙක්ට කතා කරන්න දන්නේ නැහැ. තමන්ගේ මව ට බෙහෙත් නොකර ඉන්නකොට තරහයාම සාධාරනයි. නමුත් වෛද්‍යවරුන්ගේ රැකියාවේ ආචාරධර්ම පැහැර හැරීම ගැන සොයන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද මේ අය ඉගෙන ගන්නේ නොමිලේ. සාමාන්‍ය ජනතාවගේ මුදලින්. ඉතින් ඔවුන්ට සේවය කරන්න එක තම වගකීම.
කොන්ද පන තියෙන එම තරුණයාට අපගේ ප්‍රනාමය. මිනිස්සු වැඩි දෙනෙක් ඔලුව නමාගෙන ඉන්න හින්දා තමා ඔය වෛද්‍යවරු ඔය වගේ හැසිරෙන්නේ.