(දිලීප් ජයසේකර)
තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කිරිවැව,නුගේගලයාය,සෙවනගල ලිපිනයේ පදිංචි ඩී.එම්.සිසිර කුමාර නැමති 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මිය ගිය පුද්ගලයා පුද්ගලික ව්‍යාපාරයකට අමතරව සෙවනගල තණමල්විල හම්බෙගමුව ඇතුළු අවට ප්‍රදේශ රැසකටම පොලියට මුදල් ලබා දෙන අයෙකි.
ඔහු හම්බේගමුව හා තණමල්විල ප්‍රදේශ කිහිපයකට ගොස් නැවත සිය යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියදී තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ වැටහිර කන්ද ස්වභාව රක්ෂිත කැලෑ ප්‍රදේශයේ දන්ගස්ආර අසලදී තියුණු ආයුධයකින් පහරදී මරා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd