(මොහොමඩ් ආසික්)
කේරළ ගංජා මිලිග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පාසල් සිසුන් දෙදෙනෙකු සහ පාසල් ගමන අවසන් කර ඇති සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන විදුහලක උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනකු ඔවුන්ගේ මිතුරකු වන පාසල් අවසන් කර ඇති සිසුවකුද සමඟ පූජාපිටිය අඹතැන්න මාර්ගයේදි කේරළ ගංජා මිලිග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සිසුන් මින් පෙර ප්‍රදේශයේ විහාස්ථානයකට අයත් ජල මෝටරයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පෙර වැරදි තිබූ සිසුන් බවත් හෙළි වී තිබේ .
ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කේරළ ගංජා සමඟ සිසුහු තිදෙනෙක් කොටු වෙති