(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුට අයත් ඇඹුල්ගම ප‍්‍රදේශයේ පිහිටි වැලි තොටුපළකට අද (10) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි බව කියන කඩු සහ යකඩ පොලූ රැගත් මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් හයදෙනෙකු එහි තිබූ නිවසකට සහ යන්ත්‍රෝපකරණවලට පහර දී දැඩි අලාභ කර පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
අදාළ වැලි තොටුපළ හිමි ව්‍යාපාරිකයා විසින් ප‍්‍රදේශයේ පාතාලයට සම්බන්ධකම් තිබෙන පුද්ගලයකු ලබාදුන් නියෝගයක් මත කප්පම් මුදල් ලබා නොදීම නිසාවෙන් ව්‍යාපාරිකයා බිය කිරීම සඳහා මෙලෙස පහරදීම් සිදුවන බවට තොරතුරු ලැබී තිබේ.
පහරදීමට ලක් වූ වැලි තොටුපළෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ රූපවාහිනී යන්ත‍්‍රයට ද පැමිණි පුද්ගලයින් පහර දී විනාශ කර තිබුණත් එහි මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා වී ඇති බැවින් එහි පටිගත වී ඇති දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හංවැල්ලේ වැලි තොටුපළකට පහර දුන් 6 ක් සොයා මෙහෙයුම්